ජීවිතයත් මරණයත් අතර සටනක් කරලා යන්තම් ගොඩ ආවා වගේ හැඟීමක් මගේ මනසට දැනෙන්නේ.... ඒත් මං හිතන විදිහට මගේ මනස තාම යතා තත්වයට පත් වෙලා නෑ......
මං ඇස් දෙක ඇරියොත් ආපහු හිටපු තත්වෙටම පත් වෙනවා කියලා මං දන්නවා... ඒ නිසා මට ඕන නෑ මගේ ඇස් අරින්න... පුලුවන් නම් සඳහටම මේ ඇස් දෙක පියාගන්න මං කැමති.....
නින්දත් අඩ නින්දත් අතර හිටපු මගේ මනස වෙලා ගත්තේ ඔය සිතුවිලි වලින්....
ඒත් එක්ක ලාවට මිහිරි සංගීතයක් මගේ කන වැකෙන්න ගත්තා... ඒ සංගීතෙට ඇත්තටම මනස සන්සුන් වෙන ගතියක් නින්දෙන් උනත් මට දැනුනා....
ඔව්.... මට ඕන ඒ සංගීතෙට මගේ සවන් යොමු කරන ගමන් ඇඟට දැනෙන උණුසුමත් එක්ක තවත් ගුලි වෙන්න...
පැය කීපයකට කලින් මොරසූරන වැස්සෙ තෙමිලා හෙම්බත් වෙලා.. සීතලට ගල් ගැහිලා තිබුණ මගේ ශරීරය... දැන් යන්තම් පණ අරගෙන කියලා දැනුනේ ඇගට දාලා තිබුණ බ්ලැන්කට් එක උඩට අරගෙන ආපහු ඒකේ ගුලිවෙනකොටයි....
කන වැකුණු හිත නිවන මිහිරි සංගීතෙත් එක්ක මගේ හීන ලෝකයට මම ආයෙම පිය නැඟුවේ... මගේ ජීවිතේට බලාපොරොත්තු ගොන්නක් දීලා එක සැණකින් ඒ හැමදේම බිඳ දැම්ම පුද්ගලයා එක්ක......
වේදනාකාරී මතකයක් උනත්... ඇස් දෙක පියාගෙන ඒ මතකයේ සැරි සරද්දි ඒ දැනෙන වේදනාවත් මගේ සිතුවිලි වලට අමුතු රසයක් එක් කරා.....
ඇත්තටම ඒ වේදනාවටත් මං ආදරෙයි....!
ඇස් දෙක පියාන ඉද්දිම ඇස් කොණින් ගිලිහුණු උණු කදුළු බිංදුවක් නහය දිගේ ගලාගෙන ඇවිත් වැටෙද්දි මම හිතුවා....
මතකයක් විදිහට උනත් ඒ රූපේ මගේ මනසේ මැවෙද්දි හදවත පසාරුකරගෙන එන ඒ වේදනාත්මක හැගීම කදුළු බිදුවක් වෙලා හැමදාටම මගේ ඇස් වලින් පිට වෙයි..... ඔව් අනිවාරෙන්ම......
ඒ වගේ වේදනාකාරි සිතුවිලි , මතක එක්ක මගේ මනසින් මම ඈතට පිය නගද්දි... සුපුරුදු මිහිරි සුවඳක් මගේ නහය කිති කවන්න පටන් ගත්තා....
YOU ARE READING
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)