⭕ Chapter ⭕ 07 ⭕

889 178 103
                                        

: හැමදාම මේ වෙලාවටද off වෙන්නේ....

උදේ 6 ට off වෙලා ජිමින් එක්ක පයින් ඇනෙක්ස් එකට යන ගමන් මං ජිමින්ගෙන් ඇහුවා..

: ඔව්... හවස 6 ට ගියපුවහම  උදේ 6 ට තමයි off වෙන්නේ....

ජිමිනා අත් දෙක එහෙට මෙහෙට කරලා ඇගමැලි කඩන ගමන් කිව්වා...

: රෑ ම club එකේ ඉදලා එතන තත්වේ බලාගත්තද ආ....... ආයෙනම් අර වගේ ලෙඩ දා ගන්න එපා පොඩ්ඩක් මෙතන සෙට්ල් වෙනකම් ශේප් එකේ ඉදපන් බං... කොහෙද උඹට ඒ කාලේ ඉදන්ම පොඩ්ඩක් නැත්තම් තරහා යනවනේ....

ජිමිනා මං දිහා බලලා එහෙම කියලා අහකබලා ගත්තා...

: හරි හරි බං... මං කිව්වනේ ආයේ එහෙම වෙන්නෙ නෑ කියලා....

: මේ............ ඒක නෙමෙයි බං........ අරූ හැමදාම club එකට එනවද.......

** මං ගානකට නැතුව වගේ එහෙම ඇහුවේ ජිමිනගේ කතාව වෙන පැත්තකට ගන්න.. එහෙම නැතත් මං මේක ජිමින්ගෙන් අහන්නම හිටපු දෙයක්.. මොකද අද රෑ ඉදන් මං දිගටම club එකේ ඉන්න ඕන නිසා... **

: කවුද අරූ කිව්වේ........ උඹත් එක්ක වලියක් දා ගත්ත එකාද....

ජිමිනා කට කොණකින් හිනා වෙන ගමන් මං දිහා බලලා ඇහුවා...

: ඔව් ඔව් බං... වෙන කවුද.....

: මං උඹට ඒ වෙලාවත් කිව්වෙ ඌ daily customer කෙනෙක්... ඌ විතරක් නෙමෙයි ඌත් එක්ක හිටපු කෙල්ලො තුන් දෙනා දකින්න ඇතිනේ උඹ.. උන් තුන් දෙනත් ඒ වගේ.....

: කොහොමත් ඌ සතියකට සැරයක් ඔහොම මොකක් හරි ලෙඩක් දා ගන්නවා... ඔය කෙල්ලො තමයි ඔය ලෙඩ දා ගන්නේ මූ ගිහින් එව්වට පැටලෙනවා... අනේ මන්දා බං... අපේ වයසේ වගේ ඇති ඒත් හොදටම ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ....

: උගේ කෙල්ලත් එතන ඉන්නවද..??

ඒ ගමනනම් මං ටිකක් උවමනාවෙන් වගේ ඇහුවා...

: පිස්සුද බං... කවුද තමන්ගේ කෙල්ලත් එක්ක ඇවිත් ඔහොම හැසිරෙන්නේ... දන්නවනේ ඉතිං ඔය කෙල්ලො මුගේ ළගට වෙලා ඉන්නෙ මොකටද කියලා... එකක් ඉතිං මුගේ සල්ලි වලට අනික..... (  කට කොණකින් හිනා වෙලා... )  උඹට මං අමුතුවෙන් කියන්න ඕනය...

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now