" Good Morning... ජන්කුක්
එහෙම කියන ගමන් මැනේජර් මං ළගට ආවේ මුණේ බැරෑරුම් ස්වරූපයක් මවාගෙන.....
අර වෙනදා තියෙන හිනාව මූණේ ගෑවිලාවත් ගිහින් තිබුණේ නෑ.... ඒ වෙනුවට කුතුහලයෙන් යුත් කල්පනාකාරි බවක් ඇස් දෙකෙන් පේන්න තිබුණේ....
" ඔව් Sir කියන්න.....
මැනේජර් මගේ ළගට එනවත් එක්කම මං එහෙම ඇහුවේ වෙනදා පුරුදු විදිහටම හිනා වෙලා......
" ජන්කුක්...... ඇත්තටම මං කතා කරන්න ආවේ ටේහියුන් ගැන...
මැනේජර් වටපිට බලන ගමන් හඩ පහත් කරලා එහෙම කිව්වා....
ටේහියුන් ගේ නම කියද්දිනම් මගේ ඇගට දාඩියත් දැම්මා.... මැනේජර් ඒ හැමදෙයක්ම දැනගෙනද...? මට ජොබ් එකත් නැති වෙයිද...??
මගේ ඔලුව පුරා එකාපරට ඔය ප්‍රශ්නටික ඇදිලා ගියා... ඒත් මං කිසි දෙයක් කියන්න කට ඉස්සර කරගන්නෙ නැතුව මැනේජර් මොනවද කියන්නෙ කියලා අහගෙන හිටියා....
" ඔයා දැනටමත් දන්නවා ඇති ටේහියුන් කියන්නෙ කවුද කියලා....
" ටේහියුන් කියන්නේ මගේ මල්ලි...
මැනේජර් මගේ ඇස් දෙක දිහා බලලා එහෙම කිව්වා....
" ඔව් sir මම දන්නවා......
මම එහෙම කියන ගමන් බිම බලාගත්තේ මගේ හිතට වරදකාරී හැගීමක් දැනෙන්න ගත්ත නිසයි....
" හ්ම්ම්ම් ඒක හොදයි....
" ඇත්තටම ටේහියුන් , මගෙ මල්ලී ජීවිතේ ප්‍රශ්න ගොඩකට මූණ දීලයි ඔය තත්වෙන් ඉන්නේ ජන්කුක්.... එයාගේ ජීවිතේ කඩාගෙන වැටුණ තැන් ගොඩක් තියෙනවා.. එයාගේ හීන , බලාපොරොත්තු එයාගේ ඇස් ඉදිරිපිටම නැති උන අවස්ථා කීපයක්ම තිබුණා..... ඉතිං අද ටේහියුන් ඔය තත්වෙන් හරි ඉන්න එකට මං සතුටු වෙනවා ජන්කුක්......
" ඒත් එයා ඉස්සර හිටිය මගේ මල්ලි නෙමෙයි දැන්... ඔයා උනත් දකිනවා ඇතිනේ ක්ලබ් එකේ එයා හැසිරෙන විදිහ.. එයාගේ හියුන්ග් විදිහට මට ඒ හැමදේම සද්ද නැතුව බලාගෙන ඉන්න වෙලයි තියෙන්නේ..... ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි එයා වෙනුවෙන්මයි... මොකද එයාගේ හිතට සැනසීම දෙන එකම නිදහස ඒක නිසා....
YOU ARE READING
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)