⭕ Chapter ⭕ 17 ⭕

762 166 90
                                        

ඇනෙක්ස් එකට ගියපු මම වෙනදා වගේම ටිකක් වෙලා නිදියා ගන්නම් කියලා ඇදට වැටුනේ...
හැබැයි ඉතිං වෙනදා වගේ නෙමෙයි අදනම් ඇදට වැටිලා විනාඩි ගානක් යද්දි මට නින්ද ගියා.....

ඒත් මගේ හිතේ වැඩ කරේම ටේ මාව දවල් හම්බවෙන්න පුළුවන්ද කියලා අහපු එක..



_________________________________________



අඩ නින්දේ හිටිය මම එක පාරටම ගැස්සිලා වගේ ඇහැරුනේ ටේ   මාව මීට් වෙන්න එනවා කිව්වා නේද කියලා මතක් උන නිසයි...

ඒක නිසා මං ඇහැරෙනවත් එක්කම ඇදේ මට එහා පැත්තේ තිබුණ ෆෝන් එක ඉක්මනට අතට ගත්තේ වෙලාව බලන්න වගේම ටේ ගෙන් කෝල් ඇවිත්ද කියලා බලන්න....

වෙලාව උදේ 11.45 යි තාම.....  ඒත් ටේ ගෙන් කෝල් එකක්වත් මැසේජ් එකක්වත් නෑ......

මං එහෙම්ම ෆෝන් එක තියලා ආයේ ඇදේ එහෙට මෙහට පෙරළුනේ නැගිටින්න කම්මැලි හිතුන නිසා....

ඇත්තටම ජිමිනා නැතුව මාර පාළුවක් දැනෙන්නෙ... හිටියනම් ඔහේ මොන මොනවා හරි කියවා කියවා ඉන්නවනේ.....  මට එහෙම හිතෙන ගමන් ලාවට හිනාවකුත් ගියේ ජිමිනව මතක් වෙලා....

ඔහොම කල්පනා කර කර ඉද්දි මට ලාවට බඩගින්නක් ආවා.. එතකොට තමයි මතක් උනේ තාම උදේට මොකුත් කෑවේ නෑ නේද කියලා.....

මොනවා කරන්නත් කාලා ඉන්න එපාය... එහෙම හිතපු මම ඇදෙන් නැගිට්ටේ රාමෙන් එකක්වත් හදාගන්න හිතාගෙන....

රාමෙන් පැකට් එකත් අරගෙන kitchen එකට ගියපු මම ඒක හදන ගමනුත් කල්පනා කරේ ටේ ගැන....

" අද මීට් වෙන්න පුළුවන්ද..?  කියලා ඇහුවට  ශුවර් එකටම එන්නම් කියලා එයා කිවේ නෑනේ.. 

කොහොමත් අපි වගේ නෙමෙයි  බිස්නස් කරද්දි වෙන වැඩකට ටයිම් එක ගන්නවා කියන්නේ කරන්න බැරි වැඩක්..

මගේ හිත ටේ එයි කියලා බලාපොරොත්තු වෙන තරමටම , එයා එන්නෙ නැති වෙයි කියන මතෙත් එන්න එන්නම ගොඩ නැගුනා....

ඒ නිසාම මං මගේ හිත සනසාගන්න හේතු හදාගත්තා.... ඇත්තටම ඒ හේතු ඇත්ත වෙන්නත් පුළුවන්...

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now