: Good Morning Mr. Taehyung
මමයි ටේ යි JJ Company එකට ඇතුල් වෙනවත් එක්කම එතන හිටපු කීප දෙනෙක් ටේ ව එහෙම කියලා පිළිගත්තේ ගොඩක් කල් ඉදන් දන්න අදුනන කෙනෙක්ට කතා කරනවා වගේ...
ඇත්තටම ඉතිං මේ තැන ටේ කලින් නොදන්නවනම් මාව මෙහෙම එකපාරටම එක්කගෙන එයිද... එහෙම හිතන ගමන් ටේ ගේ පස්සෙන් මමත් ටේ එක්කම ඉස්සරහට ඇවිදගෙන ගියා....
: ආ... ටේහියුන් ඔයා ආවද..?
අපි උඩට යන්න ලිෆ්ට් එක ළගට යද්දිම අපි දෙන්නට පිටි පස්සෙන් ඇහුන ඒ ගැඹුරු කට හඩත් එක්ක ටේ යි මායි දෙන්නම එතන නැවතිලා පිටිපස්ස හැරිලා බැලුවා....
: Good Morning.... හියුන්ග්
පිටිපස්ස බලනවත් එක්කම අපිට පිටි පස්සෙන් හිටගෙන හිටපු කෙනා දිහා බලලා ටේ එහෙම කිව්වා... " හියුන්ග් " ටේ ගේ කටින් පිටවුණ ඒ වචනෙත් එක්ක මං ටේ දිහා බැලුවේ පුදුමින්....
මොකක්...? තවත් හියුන්ග් කෙනෙක් ඉන්නවද මෙයාට.. එතනකොට මේ JJ company එකත් මෙයාලගෙද.....??
ආශ්.... මේකනම් හිතාගන්න බෑ.... මං හිතින් එහෙම හිතන ගමන් අපි ඉස්සරහා හිටගෙන ඉන්න කෙනා දිහා හොදට බැලුවා...
ටේ ගෙන් පිටවුණ ඒ වචනෙත් එක්ක මගේ ඔලුව තනිකරම නූල් බෝලයක් වගේ පැටලිලා අවුල් ජාලාවක් වුණා....
: Good Morning.....
: අද මමත් ටිකක් Office එකට එන්න පරක්කු උනා.....
ඒ කෙනා හිනා වෙන ගමන් ටේ දිහා බලලා එහෙම කිව්වා....
: මේ තමයි හියුන්ග් මම කිව්වේ
: Jeon jungkook
ටේ මාව පෙන්නලා කිව්වා.. ටේ මාව පෙන්නවත් එක්කම එයා මං දිහා හොදට උවමනාවෙන් වගේ බැලුවා..
මං එතකොටම ඔලුව පහත් කරලා ඒ කෙනාට ආචාර කරා.... ඒත් මම දන්නේ නෑ ඒ කවුද කියලා...
: හරි ටේ......
: අපි කැබින් එකට ගිහින්ම කතා කරමුකෝ.....
YOU ARE READING
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)