මම පපාලා එක්ක එහෙම කතා කර කර ඉන්නකොට කාමරේ ඇතුලේ තිබුණ මගේ phone එක ring වෙන සද්දේ ඇහුනා...
මං ඉක්මනට කෑම මේසෙන් නැගිටලා දුවගෙන කාමරේට ගියේ ඒ කෝල් එක ජිමින්ගෙන් කියලා හිතාගෙනයි...
ඔව් ඇත්තටම ඒ ජිමින්.........
ඉක්මනට කෝල් එක ආන්සවර් කරපු මම ජිමින්ට කතා කළා...
: Hello ජිමින්.......
: Congratulations ජන්කුක්..... ඔන්න වැඩේ හරියටම හරි....
( ජිමින් මම කෝල් එක ආන්සවර් කරපු ගමන් එහෙම කියද්දි මට කියාගන්න බැරි තරන් සතුටක් දැනුනා.... )
: මං මැනේජර් එක්ක කතා කරලා ආවා විතරයි උඹට මේ කතා කරන්නේ... හොද වෙලාවට Dancer කෙනෙක් හොයාගෙන නෑ.. මං උඹ ගැන කිව්වා.. sing කරන්නත් පුළුවන් කියලා කිව්වට පස්සෙ මැනේජර් ඉහළින්ම කැමති උනා උඹට... මං ඉතිං තව අතිනුත් දාලා කිව්වා... ( හිනා වෙන ගමන් ) අතින් දාන්න දෙයක් නෑ බං මං කොහොමත් දන්නවා උඹ talented කියලා...
: මට හිතා ගන්නත් බෑ ජිමින්... උඹ මේ සීරියස් නේද කියන්නේ...
( ජිමිනා හිනා වෙවී කියපු නිසා මං කෝකටත් ආයේ එහෙම ඇහුවා..)
: උඹට දැන් ඒ ගමන මාව විශ්වාසත් නැද්ද ආ.... ( බොරුවට තරහින් වගේ ) අද රෑ වෙද්දි සෝල් වලට එන්න... උඹ කිව්වනෙ අද උනත් එන්න පුලුවන් කියලා ඒක නිසා මං මැනේජර්ට කිව්වා අදම එයි කියලා.. කොහොමත් ඉක්මන් වෙන එක හොදයිනේ... ඒක නිසා අදම එන්න කොල්ලො....
සෝල් වට ඇවිත් මට msg එකක් දාන්න මං location එක එවන්නම්..
එහෙනම් මං තිබ්බා ok..
ජිමින් එකදිගටම එහෙම කියාගෙන ගිහින් කෝල් එක කට් කරා... ඇත්තටම ඒ වෙලාවේ මම සතුට වැඩි කමට ගොළු වෙලා වගේ හිටියේ...
ජිමින් කෝල් එක කට් කරාට පස්සෙ මං එහෙම්මම ඇදේ වාඩි උනා... මේකනම් දෙවියෝ මගේ දුකටම මට දීපු තෑග්ගක් වගේ... අලුත් බලාපොරොත්තුවක් මගේ ජිවීතේට.. ඒත්......... මං හිතනවා වගේ මට මගේ හීනේට යන්න පුළුවන් වෙයිද සෝල් ගියා කියලා... ආයේ හිත කොනක තිබුණ චකිතයක් එක පාරට උඩට මතු උනා...
YOU ARE READING
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)