⭕ Chapter ⭕ 48 ⭕

1.1K 117 136
                                        

සම්පූර්ණයෙන්ම පියවි සිහියේද , නැත්නම් අඬ සිහියේද , එහෙමත් නැතිනම්  සිහියක් නැතුව මම ඉන්නවද යන්න හරි හැටි වටහා ගන්න නොහැකි මොහොතක සිහිනයෙන් මෙන් මගෙ දෑස් හෙමින් විවර වෙනවා මට දැනුනා...

දෑස් යන්තම් විවර වෙනවත් එක්කම  සුදුපාට දීප්තිමත් පසුබිමක් වෙත බොඳ වුණ මගේ දෑස් යා වුණේ ඔළුව වටේට එම සුදු පසුබිම කැරකෙනවා කියලා මට දැනෙන්න පටන් ගන්නවාත් සමඟයි.. ඇත්තටම මාව නිකන් කුණාටුවකට අහුවෙලා ගහගෙන යනවා වගේ...

ඒ එක්කම මම යාන්තමට විවර කරපු දෑස් ආයෙම තද කරලා පියාගත්තේ  පුපුරන්න තරම් වේදනාවක් මගේ මුළු ඔලුවම වෙලාගද්දී....

ඒත් ඒ මොහොතෙදිම ඔලුවෙන් දැනුන වේදනාවට වඩා සිය ගුණයක වේදනාවක් මගේ හඳවතින් මට දැනෙන්න ගත්තා... ඔව් මගේ හදවත , මගේ පපුව හරි බරයි... මගේ ශරීරය ක්‍රියාවිරහිත වෙලා වගෙ මට දැනෙනවා...

එහෙම දැනෙද්දිත් පුළුවන් තරම් වීර්යය යොදලා මං මගේ අත් දෙක උඩට අරන් මගේ ඔලුව බදාගත්තා....

: ජන්කුක්.... ඔයා ඇහැරලාද....

ඒත් එක්කම හුරුපුරුදු හඬක් මගේ කන වැකුණා.. ඒ මොහොතේ තමයි මං දැනගත්තේ මං පියවි සිහියට ඇවිත් කියලා... නමුත් මගේ ඔලුව පුපුරන්න දැනෙන මේ වේදනාවට , පපුව කඩාගෙන වැටෙන්න තරම් දැනෙන මේ වේදනාවට හේතුව මොකද්ද කියලා මට තාම හරි හැටි මතකයක් නෑ.....

: ජන්කුක්... ඔයා හොඳින් නේද....

ආයෙමත් කළින් ඇහුණ හඬ මගේ සමීපයෙන් මට ඇහෙනවත් එක්කම සීතල අතක් මඟේ නළල ස්පර්ෂ කරනවා මට දැනුනා...

එම ස්පර්ෂයත් සමඟ තද කරලා පියාගෙන හිටපු මගේ ඇස් දෙක මම ආයෙම හෙමින් විවර කරන්න පටන් ගත්තා...

බොඳ වුණ ඇස් දෙකෙන් බැලුවත්, මගේ ළඟ වාඩි වෙලා , මං දිහා බලාගෙන ඉන්න ඒ රූපේ අදුනාගන්න මට වැඩිවෙලා ගියේ නෑ...

: ජිමිනා.....

වෙව්ලන හඬින් මම යාන්තමට එහෙම කිව්වා.....

: ඔයා හොඳින් එහෙම නේද.....

ආයෙමත් මගේ නළල පුරා ජිමින්ගේ ඇඟිලිතුඩු ගෙනියන ගමන් ජිමින් මඟෙන් ඇහුවා...

You've reached the end of published parts.

⏰ Last updated: Dec 09, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now