මං එයා දිහා බලකොටත් ඒ දුඹුරුපාට ඇස් මගේ මූණ දිහාට හැරිලයි තිබුණේ....
මගේ මූණ....?? නෑ නැ..... ඇත්තටම ඒ ඇස් නැවතිලා තිබුණේ මගේ තොල් ළග කියලා මට හොදටම තේරුණා....
මට තවත් විවිධාකාර සිතුවිලි වලින් මගේ හිත පුරවාගන්න ඕන උනේ නෑ... මොකද ඊළග තප්පරේ වෙන්න යන දේ මං දැන් හොදටම දන්නවා... මගෙන් අවසරයක් නොලබාම ඒ රෝසපාට උණුසුම් තොල් මගේ සීතලෙන් ගැහෙමින් තියෙන තොල් දෙක ස්පර්ෂ කරන බව මම හොදටම දන්නවා...
මගේ හිතට දැනුන ඒ හැගීමත් එක්ක මම මගේ ඇස් පියාගත්තේ ඊළග නිමේෂයේ මට දැනෙන සියලුම හැගීම් හදවතින්ම විද ගන්නයි.....
මම හිතුවා හරි... ටේ ගෙන් පිටවෙන හුස්ම එන්න එන්නම මගේ මූණට තදින්ම දැනෙනවා...... ඒ ගානෙට මං මගේ ඇස් තවත් තද කරලා පියාගත්තා..
ඒත් එක තප්පරේක ඒ හුස්ම එක තැන නැවතුනා....
ඒ ඇයි....???
මගේ හිතට කුතුහලයක් දැනුනා... ඒ නිසා මං ඇස් අරින්න හදලත් , ආයේම ඇස් ඇරියේ නැතුව හිටියේ මගේ ඇගට , හිතට දැනෙන මේ හැගීම තවත් මම තුළම රදවාගන්න ඕන නිසයි...
: My Flavour
ටේ ගේ කටින් ඒත් එක්කම හෙමින් පිට වුණ ඒ වචනෙත් එක්ක ටේ එයාගේ ඇගිල්ලකින් මගේ තොල් දෙක හිමිහිට පිරිමැද්දා.....
ටේ ගෙන් ලැබුණ ඒ පිරිමැදීම වගේම කටින් පිට වුණ ඒ වචනෙ නිසා මට දැනෙන හැගීම් තව තව වැඩි වුණා....
ඒ නිසාමද කොහෙද මූණ විතරක් ටේ ගේ පැත්තට හරවගෙන හිටපු මම ටික ටික එයාගේ පැත්තට හැරවෙනවා කියලා මටම දැනුනා.....
ඒත් මට සම්පුර්ණයෙන් ම එයාගේ පැත්තට හැරෙන්න ඉඩ නොදීම ටේ එයාගේ වයින් වලින් තෙත් වෙලා තිබුණ තොල් දෙකෙන් මගේ තොල් දෙක හෙමිහිට අල්ලාගත්තා.....
ඔව් මෙච්චර වෙලාවක් මං බලාපොරොත්තු උන ඒ මොහොත.. මට දැනෙනවා මගේ හිතේ හැගීම් එන්න එන්නම කලබලකාරී වෙනවා.... ඔව් මට මෙතනින් නවතින්න බෑ... මගේ හිත මට එහෙම කියනවා.....
YOU ARE READING
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)