ටේ ගැන හිත හිතාම හිටපු නිසා ඩාන්ස් කරනවෙලාවෙත් මගේ ඇහැ නිතරම ගියේ ටේ වෙනදා ඇවිත් ඉදගෙන ඉන්න තැනට.....
අදත් එතන අර කෙල්ලො තුන් දෙනා වාඩිවෙලා ඉන්නවා...... ඒත් ටේ තාම නෑ.....
රෑ 10 ත් පහු වෙලා... ඒත් තාම ටේ පේන්න නෑ.... මගෙ හිතට අමුත්තක් දැනෙන්න ගත්තා.... ඒ උනාට මං ඒක මගේ මූණෙන්වත් පෙන්නුවේ නැත්තේ ජිමින්ට මගේ වෙනසක් දැනෙයි කියලයි.....
වෙලායන්න යන්න මගේ හිතට දැනුන අමුත්ත ටික ටික වැඩි උනා... ඒ වෙලාවේ රෑ 11 ට විතර ඇති... එකපාරටම මං ඩාන්ස් කරන ගමන් ආයෙත් අර පැත්ත බැලුවා.....
ඔහ්..... එතකොට තමයි මං දැක්කේ ටේ ඇවිත් ඉන්නවා.... ටේ ව දැක්කට පස්සෙ තමයි මගේ හිතට ෆිට් එකක් දැනුනේ.....
මං එයා දිහා බලනවා ඒ වෙනකොටත් මං දිහා බලාගෙන හිටපු ටේ හොදටම දැක්කා.... මං බලනවත් එක්කම ටේ කට කොණකින් මට ලාවට වගේ හිනා උනා....
ටේ දකිද්දි මගේ හිතට ෆිට් එකක් දැනුනත්.. ඒත් එක්කම මගේ හිතට තරහක් ආවේ අර ඩියා කියන කෙල්ල ටේ ගේ කකුලක් උඩ ඉදගෙන හිටපු නිසයි.......
මොනවා කරන්නද...... මොන දේ උනත් මං දන්නවනේ ටේ ගේ හිතේ තියන ඇත්තම හැගීම..... මං අහක බලාගන්න ගමන් එහෙම හිතලා හිත හදාගත්තා.....
ඒත් වෙලාවකට මට මං ගැනම පුදුමයි.... මොකද මට ක්ලබ් එකට ආපු දවසේ ඉදන් ටේ ගැන හිතේ ඇති උනේ තරහක් විතරයි.... ඒත් ඇවිල්ලා වැඩි දවසක් යන්න කලින් ඒ වෛරය මේ විදිහකට ආදරේකට පෙරළුනේ කොහොමද කියලා මට අදටත් හිතාගන්න බෑ.... එක මොහොතක සිද්ද වෙච්ච ඒ සිදුවීමත් එක්ක හිතට මේ වගේ හැගීමක් දැනෙන්නෙ කොහොමද.....?? ඒක ආදරයද...?? නැත්තම් ආශාවද....?? මට තාමත් ඒක ප්රහේලිකාවක්....... ඒත් මට හරියටම ඒකට උත්තරේ දැනගන්න ඕන.... ඒත් කොහොමද....
මට වගේම ටේ ටත් මෙහෙම හිතෙනවා ඇත්ද....?? මොකද ටේ ගේ හිතෙත් මං ගැන අපි දෙන්නා හම්බවුන මුල්ම දවසේ ඉදලා තිබුණේ වෛරයක් විතරයි.... ඒ වෛරය මේ විදිහට එකපාරට ආදරේකට හැරවුනේ කොහොමද..... ටේ එයාගේ කටින්ම මට ආදරෙයි කියලා කියන්න තරම්.... මනුස්සයෙක්ට ඒ තරම් ඉක්මනට තමන්ගේ හැගීම් වෙනස් කරගන්න පුළුවන්ද.....??
YOU ARE READING
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)