⭕ Chapter ⭕ 13 ⭕

829 171 56
                                        


ජිමිනා හිටියෙත් නැති නිසා මං එදා වෙනදටත් වැඩිය කලින් ඇනෙක්ස් එකට යන්න ක්ලබ් එකෙන් එළියට ආවා....

: ජන්කුක් අද කලින්ම යනවද.....

පිටිපස්සෙන් ඇහුන කටහඩත් එක්කම මං එතනම නැවතිලා පිටිපස්ස හැරිලා බැලුවා...

: සර්.....

මම එක පාරටම පිටිපස්ස හැරෙද්දි
මැනේජර් මගෙ පිටිපස්සෙ ඉදලා මගේ දිහාට එනගමන් හිටියේ...

: Good Morning...

මං ඔලුව පහත් කරලා එහෙම කිව්වා...

: Good Morning jungkook....

: මං හිතුවේ යාළුවත් නැති නිසා මේ දවස් ටිකේ මෙහෙ ඉදි කියලා..    

මැනේජර් මං දිහා බලලා හිනා වෙන ගමන් කිව්වා...

: ජිමිනුත් මට ක්ලබ් එකේම ඉන්න කියලනම් කිව්වා.......... ඒත්....

මම ඔලුව පාත් කරලා බිම බලන ගමන් ළාවට වගේ හිනා වෙලා එහෙම කිව්වා... ඇත්තටම මට ඒ වෙලාවේ තිබුනේ මැනේජර් ගේ මූණ බලන්න බැරි තත්වයක්, ඒ ඊයේ රෑ උන දේවලුත් එක්ක වගේම ටේහ්‍යුන් මැනේජර්ගේ මල්ලි කියපු නිසා... මොකද්ද වරදකාරි හැගීමක් මට දැනෙන්න ගත්තා...

: හරි හරි.... ජන්කුක්ට කැමති දෙයක් කරන්න.... ඇනෙක්ස් එක්කෙ ඉන්න බෑ කියලා හිතුනොත් මෙහෙට ඇවිත් ඉන්න..

මැනේජර් එහෙම කියලා හිනා වෙලා මගේ පිටටත් තට්ටුවක් දාන ගමන් එතනින් යන්න ගියා....

" ඇත්තටම ටේහියුන්ගේ හියුන්ග් මැනේජර්ද කියලා කියන්න බැරි තරම් දෙන්නට දෙන්නා හාත්පසින්ම වෙනස්... දෙන්නට තිබුණේ වෙනස්ම ගතිගුණ.. හරියට අහසයි පොළවයි වගේ.... ඒ තරම් ඒ දෙන්නා ගොඩක් වෙනස්...

මැනේජර් පිටිපස්ස හැරිලා යන දිහා බලාගෙන හිටපු මම තනියම හිතුවා...





_________________________________________





ඇනෙක්ස් එකට තනියම ගියපු මම කෙළින්ම ගියේ වොශ් එකක් දා ගන්න...
ඇගට කියාගන්න බැරි මොකක්දෝ අමාරුවක් දැනුනා....... ඒත් ඉතිං මොන දේ තිබුණත් ආයේ හවස යන්න ඕන නිසා වොශ් එකක් දාලා නිදියගන්නවා කියලා හිතුවා....

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now