⭕ Chapter ⭕ 20 ⭕

734 162 74
                                        



ටේ එයාගේ කතාව ඒ විදිහට කියලා ඉවර කරද්දි මගේ ඔලුවේ තිබුණ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුණා.... නමුත්  ඒ අතර තව කීපයක් ඉතුරු උනා... ඒත් මට ඒ දේවල් දැන් ටේ ගෙන් අහන්න බෑ... මට අහන්න ඕනත් නෑ.... මොකද ආයෙත් පරණ දේවල් අහලා එයාට දුකක් දෙන්න ඕන නැති නිසා වගේම මගේ හිතේ එයා ගැන තියෙන පැහැදීම ඒ තරම් හොද නැති නිසා මගේ කටින් නොදැනුවත්වම හරි එයාගේ හිත රිදෙන වචනයක් පිට වෙයි කියලා හිතුන නිසා....

එයා ගැන පැහැදීමක් නැත්තම් ඇයි මම අද මෙතන එයත් එක්ක ඉන්නේ....?? ඒ වෙන කිසිම දෙයක්  නිසා නෙමෙයි ඒ හැමදේටම වැඩිය ටේ ගැන මගේ හිතේ ඇති වෙලා තියන ආදරය කියන මේ හැගීම බලවත් නිසා...

ටික වෙලාවක් ටේ දිහා සද්ද නැතුව බලාගෙන හිටපු මම ටේ අල්ලගෙන හිටපු මගේ අතින්ම මාත් ටේ ගේ අත තද කරලා අල්ලගන්න ගමන්

: දැන් ඔය හැමදෙයක්ම අමතක කරන්න......

එහෙම කියලා ටේ දිහා බලලා හිනා උනා...


: Thank you.... ජන්කුක්... මං වෙනුවෙන් මේ හැමදේම අහගෙන හිටියට... ඇත්තමයි මගේ හිතට අදනම් මාර නිදහසක් දැනෙන්නේ....

: හැමදේම වෙන්නෙ හොදටයි කියනවනේ......

ටේ මං දිහා බලලා එහෙම කියලා ලස්සනට හිනා උනා.... ඔව් ටේ ඒ වචන ටික කිව්වේ හරිම නිදහසකින් කියලා එයා දිහා බලද්දි වගේම කටින් පිට වුණ ඒ හඩිනුත් මට තේරුනා....

හැමෝම තමන් කැමති විදිහට දේවල් සිද්ද නොවෙද්දි අන්තිමට හිත සනසා ගන්නේ ඔය ටික කියලා.... මොකද මාත් ඒක අත්දැකීමෙන්ම දන්නවා...... ඒත් මේ වෙලාවේ ටේ ගේ කතාව අහගෙන ඉදලා හරි එයාට සහනයක් වෙන්න පුළුවන් උන එක ගැන මගේ හිතට සතුටක් දැනුනා....

මෙච්චර වෙලාවක් ඉදගෙන හිටපු ටේ මගේ අතත් අල්ලගෙනම ගල උඩ හිට ගත්තා....  ටේ හිට ගන්නවත් එක්කම මාත් ටේ ගේ අත අල්ලගෙන ටේ ළගින්ම හිට ගත්තා.....


අපි දෙන්නම දැන් වෙරළ අයිනේ තිබුණ ඒ ලොකු ගල් වැටිය උඩ හිටගෙන ඈත මුහුද දිහා බලාගෙන ඉන්නේ..... අපි දෙන්නට ඇහෙන්නේ හෝ... ගාන මුහුදේ හඩයි , වෙරළට ටිකක් ඈතින් මුහුද මැදට වෙන්න වගේ අහසේ පියාඹන කුරුල්ලන් විටින් විට නගන හඩයි... මුහුදු රැල්ලත් එක්ක ගොඩ බිමට වේගෙන් එන හුළගේ හඩයි විතරයි.......

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now