⭕ Chapter ⭕ 19 ⭕

681 168 103
                                        



එහෙම කියලා ටේ ආයේම මුහුද දිහා බලාගෙන ටික වෙලාවක් කල්පනා කරා..... අපි දෙන්නම දැන් නිහඩයි.. අපිට ඇහෙන්නේ මුහුදේ රැල්ල ඇවිත් වෙරළේ වැදෙන හඩ විතරයි..... මේ වෙලාවේ මං ටේව සනසවන්න මොනවද කියන්න ඕන... මං කල්පනා කරේ ඒක... ඒත් මං දන්නවා මං මොනවා කිව්වත් ටේ ගේ හිත හදන්න මට බැරි වෙයි කියලා.....


: ඔය හැමදේම වෙලා දැනට අවුරුදු දෙකක්...

:මගෙයි හියුන්ගෙයි ජීවිත වෙනස් වෙලා අපිටත් නොදැනිම අවුරුදු දෙකක් ගෙවිලා ගිහිල්ලා....

: පපා තාමත් කෝමා එකේ.... එයාගේ තත්වේ හොද අතට හැරුනෙම නෑ....

: මේ අවුරුදු දෙක ගෙවිලා ගියේ හීනෙකින් වගේ.... බිස්නස් මායි හියුන්ග්නුයි බලා ගත්තට ඒ හැමදෙයක්ම පාලනය කරන්නෙ මමා....

: එදා shopping mall එකේදි.... මට එහා පැත්තේ හිටියේ මමා... දකින්න ඇතිනේ..

ටේ එහෙම කියලා මං දිහා බැලුවා...

: ආ.... ඔව්... මං දැක්කා...

මෙච්චර වෙලාවක් ටේ කියන දේවල් අහගෙන කිසිම දෙයක් නොකියා හිටපු මම ඒකට උත්තර දුන්නේ ඒකෙන්වත් එයාට සහනයක් දැනෙයිනේ කියලා හිතලයි....

හැබැයි මං එහෙම කියනකන් ඉදලා ටේ සමච්චලේට වගේ හිනා වුණා...

ඇත්තටම එයා එහෙම හිනා උනේ ඇයි...?? මගේ හිතේ ඒ ගැන් ප්‍රශ්නයක් ඉතුරු උනා.... ඒත් ටේ තාම එයාගේ කතාව කියලා ඉවර නෑ වගේ... ටේ දිහා බලාගෙන ඉද්දි මට එහෙමයි හිතුනේ... ඒක නිසා මම තව ටික වෙලාවක් හිටියා වගේම නිහඩව හිටියා.....

: හියුන්ග් එයාගේ හීනේ අත ඇරලා හිත හදාගත්තට මට මගේ හිත අදටවත් හදා ගන්න බැරි උනා ජන්කුක්.....

: මේ අවුරුදු දෙක ඇතුලත මගේ ජීවිතේ මං කවදාවත් හිතුවේ නැති විදිහට කණපිට හැරවුනා... මට මැරෙන්න හිතුන වාර අනන්තයි.... ඒත් ඒ හැම වෙලාවෙම මං කලේ පපා ළගට ගිහින් අඩපු එක , මගේ වේදනාව පපාට කියපු එක... හැබැයි පපාට මගේ හිත හැදෙන්න එක වචනයක්වත් කියන්න බෑ.... ඒත් මගේ හිතේ වේදනාව ටිකකට හරි අඩු උනේ පපා ළගදි විතරයි....


⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now