⭕ Chapter ⭕ 46 ⭕

552 105 136
                                        

අඩ නින්දේ පසු උන මට මගේ ෆෝන් එකේ තියලා තිබුණ එලාම් එක වදින සද්දේ ඇහෙන්න පටන් ගත්‍තා...

එලාම් එකේ හඬත් එක්ක යාන්තමට අවදි උන මට පායගෙන එන ඉර එළිය තිර රෙදි අතරින් පෙනුනා..

ඒ මොහොත වෙනකොටත් ටේහියුන්ගේ අත උඩ ඔලුව තියාගෙන,ටේහියුන්ගේ උණුහුමට ගුලිවෙලා හිටපු මට මෙච්චර ඉක්මනට වෙලා ගියේ ඇයි කියලා නිදිමතේම උනත් හිතුනා...

තව ටිකක් වෙලා මෙහෙම ඉන්න තිබුණනම්.... මම හිතින් මටම කියාගත්තා... ඒත් කාලය හැමදේකටම හරස් වෙනවා වගේ දැනුත් අපි දෙන්නා ගත කරපු සුන්දර මොහොත අවසන් කරන්න කාලය එළබිලා...

ටේහියුන් තවමත් තද නින්දේ... නිදියගෙන ඉන්නවා දකිනකොට මට ඇහැරවන්න හිතෙන්නෙත් නෑ... මට එයා ළඟින් නැගිටලා යන්න හිතෙන්නෙත් නෑ...

එහෙම හිතන ගමන් මම හෙමිහිට උඩට ඉස්සිලා ටේහියුන්ගේ කම්මුල සිපගත්‍තා....

තව ටික වෙලාවකින් ටේහියුන් ආයෙත් මගෙන් ඈතට යනවා නේද කියලා හිතද්දි පපුව පසාරු කරගෙන යන තරම් වේදනාවක් මට දැනුනා....

අපි දෙන්නට හැමදාම මේ විදිහට එකට ඉන්න පුළුවන් දවසක් කවදා උදා වෙයිද....?

හැමදාම ටේහියුන්ගේ උණුහුමට ගුලි වෙලා නිදියාගන්න , උදේට ඇහැරින්න.. ගෙවෙන දවසක් ගානෙම මට ඒ මූණ දැකගන්න පුළුවන් දවසක් ඉක්මනටම උදා වෙන්න... සිවිලිම දෙසට නෙත් යොමාගෙන සිටි මම මගේ හිතින් පුංචි ප්‍රාර්ථනාවක් කරන ගමන් හෙමිහිට ටේහියුන්ගේන් ඈත් වෙලා ඇඳෙන් නැගිට්ටා....

උදේ 7 වෙද්දි මම ප්‍රැක්ටිස් රූම් එකේ ඉන්න ඕන... දැනටමත් වෙලාව උදේ 6.30 ත් පහු වෙලා.... ඊයේ රෑ ඇඳගෙන ආපු ඇඳුම විතරක් තියන නිසා ඇඳුම් මාරු කරගන්න මම අපාට්මන්ට් එකට යන්නත් ඕන ඒක නිසා ඇඳෙන් නැඟිට්ට ගමන්ම මම වොශ් රූම් එකට ගියා....

.

.

.

.

.

.

.

.

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Dove le storie prendono vita. Scoprilo ora