⭕ Chapter ⭕ 40 ⭕

547 146 149
                                        






වේදනාවෙනුත් , බයෙනුත් මුළු ඇඟම වෙව්ලද්දි මම මාවම පාලනය කරගෙන Highway Exit එක ළගට පුළුවන් තරම් වේගෙන් ගියා....




වෙලාවේ හැටිය මට මේ ගැන වෙන කාටවත් කියන්න සිහියක් තිබුණෙත් නෑ..... සමහරවිට මේ වෙනකොටත් ජීන් හියුන්ග් එහෙම එතන ඇති.....



අනේ ටේට කරදයක්නම් වෙන්න එපා දෙවියනේ.......




මගේ හිත තත්පරෙන් තත්පරේ highway එක ළගට යනකන්ම මිමිණුවා......





Highway Exit එකට තරමක් දුරින් කාර් එක නවත්තපු මම කාර් එකෙන් බැහැලා ඉස්සරහට දුවගෙන ගියේ මගේ හදවත වේදනාවෙන් ගිණි ගනිද්දී..... ටේට කරදරයක් වෙන්න එපා කියලා හිතින් ප්‍රාර්ථනා කරනගමන් මං ඉස්සරහට දුවගෙන ගියා....



ඒත් මගේ හිතට බයයි... ඇස් දෙකට මොන වගේ දෙයක් දකින්න ලැබෙයිද කියලා.... කීයටවත් මං බලාපොරොත්තු නොවුන දෙයක් මට දකින්න ලැබුණොත්... මං කොහොමද දරාගන්නේ..... මගේ හිත බයෙන් ගැහෙනවා...... ඇස් වලින් කඳුලු වැටෙනවා....




ඒත් මම එහෙම්ම ඉස්සරහට දුවගෙන ගියා..... හැබැයි එහෙම ඉස්සරහට යන්න යන්න මගේ හිතට අමුතු හැඟීමක් දැනුනා.... ඒ අවට කිසිම කලබලකාරි ස්භාවයක් මට දකින්න ලැබුණේ නැති නිසා... මට පේන මානයේ හැමදෙයක්ම සාමාන්‍ය තත්වයෙන් තියෙනවා.....



අවට පරිසරය උනත් හරිම නිස්කලංකයි , පාරේ වාහන සුපුරුදු පරිදි එහෙ මෙහ යනවා.... ඇක්සිඩන්ට් එකක් උනා තියා ඒ ළග පාත වාහනයක්වත් නවත්තලා තිබුණේ නෑ.....




යුන්ගි මට කියපු විදිහත් එක්ක මෙතන ඒ වගේ ඇක්සිඩන්ට් එකක් උනානම් මේ වෙනකොටත් පොලිසිය ඉන්න ඕන ඒ වගේම ඇක්සිඩන්ට් උන වාහනේ හරි තියෙන්න ඕන..... එතකොට ටේ.....???



ටික ටික ඒ දේවල් මගේ ඔලුවට එනවත් එක්කම මම ඉස්සරහට දුවගෙන ගිය වේගේ අඩු උනා.....




මින් යුන්ගි මට බොරුවක්ද කිව්වේ...??

ඒත් ඇයි....?

මින් යුන්ගි කියන්නෙ කවුද.....??



දිවීම බාල කරපු මම පාර අයිනේම හිටගෙන හොදට වටපිට බැලුවා........ ඒ බලන ගමන් මම සාක්කුවට අත දැම්මේ ෆෝන් එක අරගෙන මින් යුන්ගිට කෝල් එකක් ගන්න.....



⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now