⭕ Chapter ⭕ 34 ⭕

575 141 90
                                        





" පැය භාගයක් හෝ ඊට ආසන්න කාලයක් හිටපු ඉරියව්වෙන්ම ජනේලේ ළගට වෙලා පිටත බලාගෙන ටේ ගේ කතාවට ඇහුම්කන් දුන්න මට අවසාන මොහොතේ තවත් මගේ වේදනාව ටේගෙන් හංගන්න බැරි වුණා....



ටේ මං ළගට ඇවිත් මාව එයාගේ පපුවට තුරුල් කරගද්දි , ඒ උණුහුම මට දැනෙද්දි ඔව් මට තවත් මගේ කදුළු හංගන්න බැරි වුණා....





මං දැන් මොකද කරන්නේ.... මං ටේ කියන දේවල් විශ්වාස කරන්න ඕනද...? මේ වචන... ටේ ගේ කටින් පිටවුණ මේ වචන මං කොහොමද තවත් විශ්වාස කරන්නේ... හැමදේම ඇස් දෙකට දැකලත් ඇයි... ඇයි මම තාම මේ මනුස්සයා කියන දේවල් අහන්නේ... හරිනම් මම මෙතන තව එක මොහොතක්වත් ඉන්න වටින්නෙ නෑ.... ඒත් මොකද මට මේ වෙලා තියෙන්නේ... ඇයි මට හැමදේම දමලා ගහලා මෙතනින් යන්න බැරි......






ටේ ගේ පපුවට තුරුල් වෙලා ඉන්න තත්පර දෙක තුනේ මගේ හිත මගෙන්ම ප්‍රශ්න කරා.....





: මගෙන් ඈත් වෙලා ඉන්න......




එහෙම කියලා ඒත් එක්කම මම ඇස් වල තිබුණ කදුළු අතින් පිහිදාන ගමන් ටේ ව මගෙ ළගින් ඈතට විසිවෙන විදිහට තල්ලු කරා...




   තල්ලුකරලා ඉක්මනටම අහකබලාගත්තේ ඒත් එක්කම ඇහෙන් වැටෙන්න ආපු කදුළු බිංදු ටේගේ ඇස් වලින් මට හංගන්න ඕන උන නිසයි.....






එහෙම්මම අනිත් පැත්ත හැරිලා අතින් කඳුලු පිහදාගත්ත මම කෙළින්ම ගියේ වොශ් රූම් එකට ,





මට දැන් ටේහියුන් ගැන දැනෙන්නෙ පිළිකුල් සහගත හැගීමක්... එයාගේ ඇත්ත ස්වරූපේ මගේ ඇස් ඉස්සරහා පිටම මට දැකගන්න ලැබිලා තියෙද්දිත් ඇයි තාමත් එයා මං ඉදිරියේ බොරුවට රගපාන්නේ.....






වොශ් රූම් එක ඇතුලට ගිහිල්ලත් විනාඩි ගානක් යනකන් මං හිතුවේ ඒ ගැන.... උදේ ව්‍යාකූල වූ සිතුවිලිත් එක්ක ඇස් අරිනකොට මං ඉන්නෙ කොහෙද කියලා මට හිතාගන්න බැරි උනත් ඇස් ඇරලා මගේ මනස යතා තත්වයට පත් වෙද්දි මට තේරුනා මං ඉන්නේ ටේ ගේ බංගලාවේ කියලා..... ඒක මට හොදටම තහවුරු කරගන්න පුළුවන් උනේ ජනේලේ ළග හිටගෙන එළිය බලාගෙන ඉද්දි ඝනකම් මීදුම් තට්ටුවක් මුළු පරිසරයම වෙලාගෙන තියනවා දකිද්දි....







⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now