මාසයකට පසු....
හැමදේම හිතුවටත් වැඩිය හොදට සිද්ධ වෙනවා.... උදේ ඇහැරුණ ගමන්ම ඇදේ එහෙට මෙහෙට පෙරළෙන ගමන් ලොකු හුස්මක් අරගෙන මං එහෙම හිතුවේ පාතට වෙලා තිබුණ බ්ලැන්කට් එක ආපහු උඩට අරගෙන පොරවාගන්න ගමන්.... ඔව් අද තමයි මාසෙකට පස්සෙ මට නිවාඩුවක් ලැබුණ දවස.. අද දවසම මම free..
මාසෙකින් debut වෙන්න පුළුවන් කියලා හිතුවත් තවත් හොදට පුහුණු වීම් කරලම Debut වෙන්න මම තීරණය කරා.. මොකද මට ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන හොදම දෙයක් රසිකයන්ට දෙන්නයි මට ඕන උනේ.. නැතත් මම මගේ ඉදිරි ගමනට ශක්තියක් වෙන්න ගුණාත්මක නිර්මාණත් එක්ක රසිකයන්ගේ හිතේ මගේ ප්‍රතිරූපය ගොඩනගන්න ඕන ඒකට ටිකක් වැඩියෙන් මහන්සි උනා කියලා කවදාවත් මට පාඩුවක් වෙන්නෙ නෑ කියලා මං හොදටම දන්නවා... ඒ වගේම ටේ මං වෙනුවෙන් කරපු දේට , එයාගේ කැපවීමට මට කලගුණ දක්වන්න තියන එකම අවස්ථාවත් මේක නිසා මං හිතලමයි debut date එක කල් දා ගත්තේ...
මේ මාසේ පුරාවට මම හොදටම පුහුණු වීම් කරා... මම දැන් නැවතිලා ඉන්නේ jj company එකේ ඒක නිසා හැම අතින්ම මම safe කියන හැගීමක් මට දැනුනා... ( ක්ලබ් එකේ මැනේජර් ) ටේ ගේ හියුන්ග් කියපු තරම් මට බලපෑමක් වෙන දෙයක් මේ වෙනකන් මේ මාසේ පුරාවට සිද්ද උනේ නෑ.... මට විතරක් නෙමෙයි ටේ වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ කාලේ පුරාවට එයාගේ business වැඩ කරගෙන ගියා... මේ මාසේ පුරාවට වෙනසකට කියලා වුණ එකම දේනම් ටේ ටයි මටයි වෙනදා වගේ හම්බවෙන්න ඉඩකඩ නොලැබුණ එක තමයි.. ඒත් ටේ පුළුවන් වෙලාවට ඇවිත් මාව බලලා ගියා... මොනවා උනත් මුලින් මටත් හිතට බයක් තිබුණා ටේ කියපු දේවල් වගේම මැනේජර් කියපු දේවලුත් එක්ක ටේ ගේ මමා මටත් ප්‍රශ්නයක් ඇති කරයිද කියලා.... ඒත් කියන තරම් යකා කළු නෑ කියනවනේ... එක්කොත් ටේ ගේ මමා මං ගැන තාම දන්නෙ නෑ.. එහෙම නැත්තම් දැනගෙන අපි දෙන්නගේ සම්බන්ධේ යාළුකමට සීමා කරලා නිහඩව ඉන්නවද දන්නෙත් නෑ.... මොනවා උනත් මේ වෙනකන් කිසිම ආකාරයකින් ප්‍රශ්නයක් නොවුන එක මගේ හිතට සහනයක් ගෙනාවා....
නමුත් මගේ උඩ හිත එහෙම හිතලා සැනසෙද්දි මගේ යටි හිත නිතරම මට කිව්වේ... කුණාටුවක් එන්න කළින් මුහුද නිහඩයි වගේ.. මේ නිහඩතාවෙන් පස්සෙ මොන විදිහේ කරදරේකට මට මූණ දෙන්න වෙයිද දන්නෙ නෑ කියලා... ඒ උනාට මම මගේ යටිහිත කියන දේ පිළිගන්න කොයිම වෙලාවකවත් කැමති උනේ නෑ.. ඒ මොකද මගේ ජීවිතේ මම මේ වෙනකන් මූණ දීලා තියන ප්‍රශ්න හොදටම ඇති.. දැන් හැමදේම මට ඕන විදිහට සිද්ද වෙද්දි බලෙන් බොරුවට දේවල් හිතලා මගේ හිතේ සතුට නැති කරගන්න මට ඕන උනේ නැති නිසා...
YOU ARE READING
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)