⭕ Chapter ⭕ 44 ⭕

492 125 81
                                        

සීතල මීදුම් අතරින් , හෙමිහිට කඩාගෙන හැලෙන හිම පියළි මගේ මාර්ගය සරසද්දි  මම නම්සන් ටවර් එක ළඟට කාර් එක ඩ්‍රයිව් කලේ වේදනාත්මක සිතුවිලි වලින් මගේ මනස පිරෙද්දි.... මම ටවර් එක ළඟට යනකොට වෙලාව රෑ 9 ය පහුවෙලා තිබුණා.. පහළදි නොදැණුන දැඩි සීතලක්  කන්ද මුදුනට ඇවිත් කාර් එකෙන් බහිද්දි මට දැනුණා.. හදිස්සියට අයිස් කැප් එකක්වත් , ස්කාෆ් එකක්වත් මට අරගෙන එන්න බැරි උනා වෙනදා අඳින ජැකට් එකට වැඩිය ටිකක් උණුසුම් ජැකට් එකක් විතරයි මම ඇඳගෙන හිටියෙත් ඒ නිසාම වෙන්න ඇති මාව වෙව්ලන තරම් සීතලක් මට දැනුනේ... අත් දෙක එකට අතුල්ලලා උණුසුම් කරගෙන ජැකට් එක ඇතුළට දාගත්ත මම ලොකු හුස්මක් අරන් පිට කරලා සීතලේ ගැහි ගැහීම කාර් එක ළඟින් ඉස්සරහට ඇවිදගෙන යන්න පටන් ගත්තා... ඒ වෙලාවේ උෂ්ණත්වය කොයි තරම් පහළ මට්ටමක තිබුණද කියනවනම් මගේ නහයෙන් පිටවුණ හුස්මත් සුදුපාට මීදුම වගේ ඈතට පාවෙලා ගියා...

අවුරුද්දේ පළමු හිම වැටීම හරියට ආදරවන්තයන්ගේ දවස වගේ අද නම්සන් ටවර් එක ළඟ බලන බලන තැන ඉන්නෙ ආදරවන්තයින්... මගේ ඇස් ඉස්සරහට හමුවන හැම කපල් එකක්ම ගොඩක් ආදරෙන් පළමු හිම වැටීම නරඹනවා....

" ටේ... ඔයත් අද මාත් එක්ක හිටියනම්....

ආදරෙන් ඉන්න කපල් දකින ගානෙට මගේ හිත මටම එහෙම කිව්වා... අපිටත් ඒ වගේ සැහැල්ලුවෙන් ආදරේන් ඉන්න පුළුවන් උනානම් අපේ ආදරේටත් අද ලස්සන දවසක් වෙන්න තිබුණා.. ඒත් අද අපි දෙන්නා දෙතැනක මේ හැමදේකටම හේතුව අපේ සමාජ මට්ටමද...? එහෙම නැත්තම් මුදල් ද...? මොන දේ උනත් පටන් ගත්ත දවසේ ඉදන් අපේ ආදරේ ලස්සන මල්මාවතක් උඩින් ගමන් කරේ නෑ කියලා මම දන්නවා ඉස්සරහට මූණ දෙන්න වෙන හොඳ හෝ නරක හැම ප්‍රශ්නෙකටම මූණ දෙන්න බලාගෙන තමයි අපි දෙන්නා කටු පඳුරු උඩින් ගමන් කරන්න මේ මාවත තෝරාගත්තේ ඉතිං අවසානය හොඳ විදිහට විසඳෙයි කියන බලාපොරොත්තුව විතරක් හිතේ තියාගෙන ඔයා ආයෙත් මං ළඟට කවදාහරි එයි කියන විශ්වාසයෙන් මං හැමදාම බලාගෙන ඉන්නවා ටේහියුන්...

සීතල හුළඟක් මගේ ගත දැවටිලා ඈතට පාවෙලා යද්දි කන්ද මුඳුනේ ඉදන් පහළ පේන නේක වර්ණවලින් හැඬ වෙලා තියෙන සෝල් නගරය දිහා කඳුළු පිරුණු දෑසින් යුතුව බලාගෙන හිටපු මම එහෙම හිතුවා....

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now