අත්පුඩි ගහ ගහම ඒ කෙනා ඩාන්සින් ෆ්ලෝ එකට නගින්න අඩිය තියනකොටම මැනේජර් ඇවිත් එයා ළගින් හිට ගත්තා...
එතකොට තමයි මං ඒ කෙනාගේ මූණහරියට දැක්කේ...
:මොකක්.....
:මේ අරූනේ......
:හොද වෙලාවට මැනේජර් ආවේ.....
මං හිතින් මටම කියාගත්තා....
මැනේජර් මිනිහව කවර් වෙන්න වගේ ළගින් ඇවිත් හිටගත්ත නිසා ඩාන්සින් ෆ්ලෝ එකට තිබ්බ කකුල මිනිහා ආපහු පහලින් තියලා එතනම හිටගෙන කට කොණකින් ලාවට හිනාවෙන ගමන් මං දිහා බලාගෙන ඉන්නවා...
එහෙම බලාගෙන ඉද්දි මටත් මොකද්ද වගේ ඒ නිසාම මං ඉක්මනට අහකබලාගත්‍තා....
** ඊයේ උන සිද්දියට මිනිහා මට රිටන් එක දෙන්නමද කොහෙද බලාගෙන ඉන්නේ.. හොද වෙලාවට මැනේජර් ආවේ.. නැත්තම් මෙතෙන්න ඇවිත් මොනවා කරයිද දන්නේ නෑ... ඒත් හැබැයි ඊයේට වැඩිය පිළිවෙලට අද මනුස්සයා ඇදලනම් ඉන්නවා.. ජිමිනා කියපු එක ඇත්ත වගේ මොනවා උනත් හොද පවුලක වගේ පේනවා....
එහෙම හිතපු මම අහක බලාගත්ත එක ආපහු නොදනෙන්න වගේ වෙන පැත්තක් බලන ගමන් ලාවට ඌ දිහා බැලුවා... මං බලනකොටත් මිනිහා මං දිහා බලාගෙන.. ඒ නිසාමද කොහෙද මගෙ හිතත් ටිකක් ගැස්සුනා.. මං ඒත් ඒක පෙන්නන්නෙ නැතුව ඉක්මනට අහක බලාගත්‍තා...
_________________________________________
පාන්දර 1.30 ට වගේ ඩාන්ස් කරලා ඉවර උන මම ජිමින් හිටපු තැනට ගිහින් ඉදගත්‍තා...
: මොකද කුකියා... මහන්සිද...
මං එතනින් ඉදගන්නකොටම ජිමින් මගෙන් ඇහුවා.....
: ඔහ්..... ටිකක් විතර... මාත් හිනා වෙලා එහෙම කිව්වා...
: පළවෙනි දවසනේ.... අහ් මං කිව්වෙ මෙතන පළවෙනි දවසනේ... ඒ නිසා වෙන්න ඇති ඔය.. නැත්තම් ඉතිං කවද්ද උඹ ඩාන්ස් කරලා මහන්සි කිව්වේ....
ජිමිනා හිනා වෙවී එහෙම කිව්වා...
: මැනේජර් ඊයේ කිව්වෙ 1 වෙනකන් ඉන්න කියලා නේද.... දැන් 1.30 ත් පහු වෙලානේ.... මං උඹට key එක දෙන්නද ඇනෙක්ස් එකට යන්න...
YOU ARE READING
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)