⭕ Chapter ⭕ 11 ⭕

952 186 89
                                        


ඒ තොල් ටිකෙන් ටික ටිකෙන් ටික වේගේ වැඩි කරන ගමන් මගේ තොල් දෙක දිගටම  Suck කරනවා..... පුදුම කලබලේකින් ඒක කරනවා වගේ දැනුනේ මට.....

ඇත්තටම මේ දේ මගේ කැමතකින් වෙන දෙයක් නමෙයි... විශේෂයෙන් මේ වගේ කෙල්ලෙක්ගෙන් මෙහෙම දෙයක් කවදාවත් මට ඕන වෙලා තිබුණේ නෑ...

මටත් හරියට සිහියක් නෑ.. මුළු ඇගටම හිරි වැටිලා පණ නෑ වගේ.... අඩුම මේ කෙල්ලව අතින් එහාට කරලා දාන්නවත් මට ශක්තියක් නෑ....

මට උනේ මොකද්ද කියලා මටවත් හිතා ගන්න බෑ.........


: යා...........

: ටේ.... Stop it.. Stop it...

එක පාරට ඇදේ මට එහා පැත්තේ ඉදලා කෙල්ලෙක් එහෙම කියනවා ඇහුනා....

ඒත් ඒ කෙල්ල එහෙම කිව්වට අරූගෙන් කිසිම සද්දයක් පිට උනේ නෑ....

: ටේ... ඔයාට පිස්සුද... මොකද්ද ඔය කරන්නෙ...

: please ඕක නවත්තන්න...

දිගටම ඒ කෙල්ල එහෙම කියනවා....

කවුද මේ කෙල්ල...
මං ළගට ආවේ අර ඩියා කියන කෙල්ල විතරයි... දැන් කවුද මේ මට එහා පැත්තේ ඉන්නේ... ආශ්... අර මට පේන්න බැරි කෙල්ලො දෙන්නගෙන් එක්කෙනෙක්වත්ද....

ඇත්තටම මේ කෙල්ල මොකද්ද මේ නවත්තන්න කියන්නේ....

අරූ මොකද්ද කරන්නේ....

එහෙම හිතලා මම අමාරුවෙන් වගේ මගේ ඇස් දෙක ඇරලා බලන්න ට්‍රයි කරා... ඒත් ඇස් දෙක අරින්න බැරි තරම් බරයි...

ඒ උනත් කොහොම හරි මම ඇස් දෙක භාගයක් අමාරුවෙන් ඇරියා.... එක පාරට මුළු කාමරේම කැරෙකෙනවා වගේ මං දැක්කේ.... කිසිම දෙයක් පැහැදිලිව පෙනුනේ නෑ...

ඒත් ඇස් දෙක එහෙම ඇරගෙන ටිකක් වෙලා යද්දි ටික ටික මට පේන දේවල් පැහැදිලි වෙන්න පටන් ගත්‍තා....

මුළු කාමරේටම එළියකට කියලා තිබුණේ ටේබල් ලෑම්ප් එක විතරයි....

ඉතිං මට කාමරේ තියන දේවල් පැහැදිලිව පේන්න ගන්නවත් එක්කම මට මගේ ඇගට උඩින් ඉදලා මගේ තොල් දෙක මේ තරම් කලබලේකින් Suck කරන කෙනා දිහා බැලවුනා...

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Où les histoires vivent. Découvrez maintenant