⭕ Chapter ⭕ 42 ⭕

535 132 54
                                        

 

විනාඩිකිහිපයක් ඒ විදිහට එකිනෙකාව සිපගනිමින් අපි ගතකළා..... ඒ මොහොතේ අපි දෙන්නගෙම හැඟීම් සමානයි අපිට වෙන කිසි දෙයක් ඕන වුණේ නෑ... අපි දෙන්නගේ ලෝකයේ අපිට තනි වෙන්නයි ඕන උනේ , අපිට බඳාකරන්න කිසිම කෙනෙක් ළඟ පාතක හිටියේත් නෑ.... ඒත් එකපාරටම  ටේහියුන්ගේ ෆෝන් එකට ආපු කෝල් එක නොහිතපු විදිහට අපේ හැඟීම් වලට බදා කළා.....


: හියුන්ග්...

: ඔයාට මොකුත් ප්‍රශ්නයක් නෑ නේද...

මගෙන් යම්තාක් දුරට ඈත් වෙලා කෝල් එක ආන්සවර් කරපු ටේ කළබලෙන් වගේ ඇහුවා... එතකොටම මට තේරුම් ගියා ඒ කතා කරන්නේ ජීන් හියුන්ග් කියලා ඒ නිසා මමත් ටේහියුන් කතා කරන දිහා උවමනාවෙන් බලාගෙන හිටියා....

ටේහියුන් වැඩි වෙලාවක් කතා කරෙ නැ.. ඒත් ජින් හියුන්ග්ට අපි ඉන්න තැන කිව්වා.. එහෙම කියලා කෝල් එක කට් කරලා ආපහු මං දිහා බැලුවා....

: ජන්කුක්.......

මගෙ ඇස් දිහා බලාගෙන එයාගේ එක අතකින් මගේ නළලට වැටිලා තිබුණ කෙස් පිටිපස්සට කරලා මගේ කන අතර රඳවන ගමන් ටේහියුන් කතා කරන්න පටන් ගත්තා...

: මං කියන දේ හොඳට අහගන්න

හැබැයි ටේහියුන්ට කියන්න හම්බුණේ එච්චරයි මම එයාගේ කතාවට බදා කරන ගමන්

: ටේ... ජීන් හියුන්ග් ට ප්‍රශ්නයක් නෑ නේද..

: එයා හොඳින්ද..?

කියලා ඇහුවා... එකපාරට හිතට ආපු දේ ඒ විදිහට පිට කරත් මට පස්සෙ හිතුනා ටේ ගේ කතාවට බදා නොකර හිටියනම් කියලා

: ඔව් ජන්කුක්... හියුන්ග් හොඳින්

ටේ කියන්න ගියපු දේ නවත්තලා මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නා...

: හ්ම්ම්ම්ම්....

තවත් වචනයක්වත් නොකියා ඒ විදිහට ටේහියුන්ගේ පිළිතුර බාරගත්ත මම බිම බලාගත්තා....

: ඇත්තටම ජන්කුක් මම කියන්න ගියේ... තව ටිකකින් හියුන්ග් මෙතෙන්න එනවා..

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now