⭕ Chapter ⭕ 03 ⭕

1K 192 39
                                        



-" ජන්කුක් .... ජන්කුක්  නැගිටින්නෙ නැද්ද...

  " අන්න අර ළමයි ඇවිත් ගේ ඉස්සරහා පාරේ ඉන්නවා...

  " මොනවද දොරත් ලොක් කරගෙන කරන්නේ...

  " ජන්කුක්...

පපා මගේ කාමරේ දොර තට්ටු කරන ගමන් කතා කරපු සද්දෙට මට එකපාරට ඇහැරුනා...

ඇස් දෙක ඇරපු ගමන් මුළු කාමරේම කැරකිලා ගියා වගේ ගතියක් මට දැනුනේ.. ඇස් දෙක තාම බර ගතිය.. ඔලුවත් රිදෙනවා... ඒත් එක්කම මං ආයෙ ඇස් දෙක පියාගත්‍තා....

-" ඕ පපා.... මං නැගිටලා ඉන්නෙ ඉක්මනට එන්නම්...

එහෙම කියලා පපාට කතා  කරපු මම ඇදේ එහාට මෙහාට පෙරළුනේ ඇස් දෙක පියාගෙනමයි...

ඊයේ රෑ ඇදට ඇවිත් පැය ගානක් යනකන්  මගේ ජිවිතේ ගැන කල්පනා කර කර හිටපු මට  නින්ද ගිහින් තිබුණේ  නොදැනීමයි....

ඇදේ එහෙම ටික වෙලාවක් ඉදලා ඇස් දෙකත් අමාරුවෙන් අරින ගමන් ඇදෙන් වාඩි උන මම ඇදේ පැත්තකට වෙලා තිබුණ phone එක අරගෙන වෙලාව බැලුවා...

දෙයියනේ... උදේ 9 ත් පහු වෙලා... මෙච්චර වෙලා නින්ද ගියාද....  අරුන්ට යන්නත් පරක්කු වෙනවා මං නිසා.... ශික්....

මටම එහෙම කියාගත්ත මං කාමරේ පුටුව උඩ තිබුණ ජැකට් එකත් ඇගට දාගන්න ගම්න් දොරත් ඇරගෙන එළියට ගියා...

එහෙම ගිය එක කෙළින්ම මං ගියේ ගේ ඉස්සරහට වෙලා මං එනකන් බලන් ඉන්න කොල්ලො ටික ළගට...

-  " මොනවද බං කරන්නේ.... අපි කීයේ ඉදන්ද මෙතන....

  " උඹ තාම ලෑස්ති නැද්ද බං..... එහෙනම් යමන් උඹ ලෑස්ති වෙනකන් අපිට කන්න මොනවා හරි දීපන්....

මං එතෙන්න යනවත් එක්කම මාව දැකපු බෙක්හියුනුයි , සුහෝ යි එහෙම කිව්වා...
උන්ට ඉතිං මට මොනවා උනත් ඔච්චර තමා.... මං උන් දෙන්නා කියපුවට හිනා වෙනගමන්  හේසොක් ළගින් හිට ගත්තා...

-" මොකද ජන්කුක් උඹ අද එන්නේ නැද්ද... හේසොක් මං දිහා උවමනාවෙන් බලලා ඇහුවා...

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now