⭕ Chapter ⭕ 37 ⭕

502 145 85
                                        







පුංචි වැහි බිඳු එක දෙක වේගෙන් අහසින් පොළවට වැටිලා , මහ වරුසාවක් බවට පත්වෙන්න වැඩි වෙලා ගියේ නෑ.......




වැස්සත් එක්ක පාරේ එහෙට මෙහට යන අනෙක් වාහන වල හෙඩ් ලයිට්  මූණට වැදිලා ඇස් නිලංකාර වෙද්දි.. අහසින් කඩාගෙන හැලෙන ගල් කුට්ටි වගේ වැහි බිංදු දෙකඩ කරමින් කාර් එකේ ඉස්සරහා වීදුරුවේ එහෙට මෙහෙට යන වයිපරේ මගේ මාර්ගය පැහැදිලි කරා... නමුත් අවට ඇති සියල්ලක්ම බොද වූ ස්වරූපයෙන් පෙනෙන්නේ මගෙ ඇස් මානෙන් වීදුරුව පුරා ගලාගෙන යන ජලදහරාවෙන් පමණක් නොව... ඒ මොහොත පපුවේ වේදනාවෙන් ඇවිලෙන ගින්නෙ දුමාරයෙන් හෙම්බත් වූ මගේ ඇස් වල ගුලි වී තිබුණ කඳුලු බිදු වලින්‍ ය...






මගේ හදවත අනේක වාරයක් පසු තැවෙනවා... මේ හැමදේම වෙනස් උනේ මගේ වරදින් නේද කියලා හිතද්දි... ජීවිතේ මිනිස්සුන්ට අවස්ථා කියන දේ ලැබෙනවා හරිම දුලබයි..... සීයයට එක්කෙනෙක්ට , දෙන්නෙක්ට ලැබෙන ඒ දුලබ අවස්ථාව මගේ ජීවිතේට ලැබුණේ ටේ නිසා..... එහෙම එකේ ටේ වැරැද්දක් කරා ලොකු වැරැද්දක් ඒක හරි නමුත් ටේ කියපු දේවලුත් එක්ක බලද්දි එයා ඒ වැරැද්ද පිළි අරගෙන මගේ ජීවිතේට , මට , මගේ හීනෙට ඊටත් වඩා ආදරේ කරා කියලා මට දැන් තේරෙනවා....






මම තව ටිකක් ටේ කියන දේ ඇහුවනම් , ඒ වෙලාවේ එයාගේ හිත හැදෙන්න අඩුම මම එයා කියපු දේවල් වලට ඇහුම්කන් දුන්නා කියලවත් තේරෙන්න පොඩි හරි වචනයක් කිව්වනම් එයා මේ ගමන නොයන්න තිබුණා......








ඒ උනත් මගේ තරහා , මගේ වේදනාව ඒ වෙලාවේ හැටියට සාධාරණයි... මම හිටපු තත්වේ ටේ හිටියනම් එයා උනත් ඒ විදිහට හැසිරෙන්න තිබුණා..... තමන් පණ වගේ ආදරේ කරන කෙනා බොරුවක් කරලා තියෙන්නෙ කියලා දැනගෙන තියෙද්දිත් මම කොහොමද සන්සුන් වෙලා ඉන්නේ.....







ටේ ට උනත් තව ටිකක් හිතන්න තිබුණා.. මම ඒ වෙලාවේ තරහින් හිටියත් පස්සෙ එයාට සමාව දෙනවා කියලා... මං දන්නවා ටේ ඒ වෙලාවෙ ඒයාගෙ වැරැද්ද පිළි අරගෙන කියපු හැමදේම ඇත්ත කියලා... එයාට මං නැතුව ඉන්න බෑ කිව්වා වගේම මොන දේ උනත් මටත් එයා නැතුව ඉන්න බෑ කියලා හිතන්න තිබුණා.....







⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now