ඒ කාර් එක ඉස්සරහින් නවත්තනවත් එක්කම ටේ මං දිහා බැලුවා..... මාත් ටේ දිහා පුදුමින් වගේ බැලුවේ කවුද ඒ කියලා අහනවා වගේ.... මොකද අපේ ඇනෙක්ස් එක ළගට මේ වගේ වාහනයක් එන්න කොහෙත්ම හේතුවක් නෑ.... නැතත්.... ටේ කෝල් කරලා කිව්වේ දැන් එතන ඉන්නෙ කියලා........... එතකොට ටේ කෝල් කරේ මේ ආපු කෙනාටද.... මේ කවුද...?
මං ටේ දිහා බලලා ආයේ ඒ කර් එක දිහා බැලුවේ කුතුහලයෙන්.......
: ජන්කුක්
: කාර් එකෙන් බැහැලා එන්නකෝ.....
මං දිහා බලලා එහෙම කියන ගමන් ටේ කාර් එකෙන් බැස්සා.... ඇත්තටම මොකද්ද මේ ටේ කරන්න හදන්නේ....
මට එහෙම කියලා ටේ කාර් එකෙන් බැහැලා ඉස්සරහින් නවත්තලා තිබුණ
කාර් එක ළගට ගියා....
ටේ එතෙන්න යනකොටම ඒ කාර් එකේ ඉදලා හොද වැදගත් විදිහට ඇදගත්ත කෙනෙක් බැහැලා ටේ ට ඔලුව නමනවා මං කාර් එකේ ඉදන්ම බලාගෙන හිටියේ....
ටේ එන්න කිව්වට එයා කියපු පමාවටම මං කාර් එකෙන් බැස්සෙ නෑ....
ටේ ඒ මනුස්සයත් එක්ක මොනවද කතා කරනවා වගේ මට යාන්තමට පේනවා... ඒත් එක්කම ටේ ඒ කාර් එක ළග ඉදන්ම මට අත වනලා ආයේ එන්න කියනවා... මං ඒක හරියට දැක්කකෙත් ඒ වෙලාවේ එතනින් ගියපු වාහනේක එළිය වැදුන නිසා.... නැත්තම් ඒ වෙලාවේ වටපිටාවේ අදුරත් එක්ක මට ඒ දෙන්නගෙම චායාව විතරයි පෙනුනේ.....
මොකද්ද ඇත්තටම ටේ මේ කරන්න හදන්නේ... මට තරහත් ආවා... ඒත් මට තව පරක්කු වෙන්න වෙලාවක් නෑ... ක්ලබ් එකට යන්න වෙලා යන නිසා... ඒ නිසා මං ඕන දෙයක් කියලා කාර් එකෙන් බැහැලා කාර් එකේ දොරත් හිතේ තිබ්බ තරහටත් එක්ක හයියෙන්ම වහලා දැම්මා.....
එහෙම කරලා ඕනවට එපාවට වගේ ඒ කාර් එක ළගට ගියා....
: මට පරක්කු වෙන්න වෙලාවක් නෑ......
එතෙන්න යනවත් එක්කම මං එහෙම කියාගෙන ගිහින් තමයි ටේ ළගින් හිට ගත්තේ..... හැබැයි පුදුමේ කියන්නේ මං එතන හිට ගන්නවත් එක්කම ටේ ත් එක්ක කතා කර කර හිටපු මනුස්සයා මාව ඔලුව නමලා පිළිගත්තා..... එහෙම කරද්දිනම් මටත් එක පාර මොකද්ද වගේ උනා.... ඒක නිසා මාත් ලාවට වගේ ඔලුව නැමුවා...
YOU ARE READING
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)