පුළුවත් තරම් හයියෙන් දුවගෙන ගියත් හරියටම මම Entrance එක ළගට යද්දිම කාර් පාර්ක් එකේ ඉදන් එළියට ආපු ටේහියුන් කාර් එක මාව පාස් කරගෙන යන්න ගියා.......
කාර් එකේ කලු වීදුරුව අතරින් ටේහියුන්ගේ චායාව මම යාන්තමට දැක්කා... ඒ ඇස් එක තත්පරේකටවත් මගේ දිහාට හැරුණේ නෑ.... මම හිතනවා මම වගේම ටේහියුනුත් ඒ වෙලාවේ මාව ඈත තියා දකින්න ඇති කියලා.... ඒත් හිතේ කිසිම අනුකම්පාවක් නැති විදිහට ටේහියුන් මං දිහා එක මොහතකටවත් වැරදිලා වගේවත් බලන්නෙ නැතුව ඉස්සරහා බලාගෙන යන්න ගියා....
හිතේ තිබුණ හැම බලාපොරොත්තුවක්ම ආයේත් ඇස් පණාපිට ඒ විදිහට බිදිලා යද්දි මම ආපු වේගෙටම entrance එක ළග පඩිපෙළේ හිටගත්තේ ඈතට යන ටේ ගේ කාර් එක දිහා බලාගෙන.....
: Excuse me Sir...
ඒත් එක්කම මං ළඟට ඇවිත් හිටගත්ත හොදට ඇදලා හිටපු මැදි වයසේ....! නෑ නෑ අපේ වයසේ වගේ කොල්ලෙක් මට කතා කරා.....
ඒ නිසා මම ඈතට ඇදිලා යන ටේහියුන්ගේ කාර් එකෙන් ඇස් අහකට අරගෙන ඒ පුද්ගලයා දිහාට හැරුණා.....
: අපේ සර්... අහ්... මං කිව්වේ... ටේහියුන් සර්.. සර්ට මේක දෙන්න කිව්වා....
එහෙම කියලා මද සිනහවක් එක්ක ඒ පුද්ගලයා මගේ පැත්තට ලියුම් කවරයක් දික් කරා.....
: මොකද්ද මේ.....
හිතට දැනුන කුතුහලය නිසාම මම ලියුම් කවරය අතට ගන්නත් කලින්ම ඇහුවා....
: සර් ම අරන් බලන්නකෝ......
ලියුම් කවරය මගේ අත ළගටම කරලා ඒ පුද්ගලයා ආයෙම කිව්වා.....
ඒ නිසාම මම කුතුහලයෙන් උනත් ලියුම් කවරය අතට ගන්න ගමන්
: ඔයා කවුද....?
කියලා එයාගේ මූණ දිහා කෙලින් බලලා ඇහුවා.....
: මම ටේහියුන් සර් ගේ ගාඩ් කෙනෙක්... මින් යුන්ගී... ළගදි තමයි ආවේ....
YOU ARE READING
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)