⭕ Chapter ⭕ 45 ⭕🔞

1.1K 149 242
                                        





මධ්‍යම රාත්‍රිය උදාවෙන්න ආසන්න වෙලා තිබුණ මොහොතේ සෝල් වල උෂ්ණත්වය තව තවත් පහළට ගමන් කරන බව අපිට තේරුනේ කාර් එකේ ඉස්සරහා වීදුරුවේ ටිකෙන් ටික හිම මිදෙන්න ගන්නවත් සමඟයි... ඒ වෙනකොටත් අපි හිටියේ සෝල් නගරය මධ්‍යයේ ඒ නිසා වීදුරුව සම්පූරණයෙන්ම හිම වලින් වැහෙන්න කළින් අපේ නවාතැන්පලට යන්න අපිට පුළුවන් වෙයි කියලා මට හිතුනා...

: ටේහියුන්... මේ මේ අලුත් අපාට්මන්ට් එක නේද..?

අපේ ගමනාන්තය ටේහියුන්ගේ බංගලෝ එක වෙයි කියලා හිතපු මම කාර් එක නවත්තනවත් එක්කම ටේහියුන් දිහා බලලා ඇහුවා... මොකද මීට කලින් අපි දෙන්නා හැමදාම නිදහසේ කාලය ගත කරන්න ගියේ එතෙන්න නිසා...

: හ්ම්... ඔව් මට දැනගන්න ලැබුණ විදිහටනම් මේ මහත්තයා නිකමටවත් අපාට්මන්ට් එක බලන්නවත් ඇවිත් නෑ..

: ඒ තරම්ම මම දෙන තෑගි වල වටිනාකමක් නැද්ද දැන් අහ්..

ටේහියුන් සමච්චලේට වගේ හිනා වෙන ගමන් මං දිහා බලලා කිව්වා.. එතකොටනම් මගේ හිතට ලැජ්ජාවක් වගේම වරදාකාරි හැඟීමකුත් දැනුනා..

: මට ඔයා නැතුව එන්න හිතුනේ නෑ..

මම මගේ හිතම රවට්ටගෙන කාර් එකෙන් බැහැලා අපාට්මන්ට් එක ඇතුලට ටේහියුන් ගේ අතේ එල්ලිලා යනගමන් කිව්වා... හැබැයි මං කියපු දේ සම්පූර්ණයෙන්ම බොරුවකුත් නෙමෙයි.

: ඔහ් ඇත්තද බේබී.....

ටේහියුන් එයාගේ අනිත් අතින් මගේ බඩ මිරිකනගමන් හිනා වෙලා කිව්වා.. ඒ වෙලාවෙනම් මටත් හයියෙන් හිනා ගියා ඒත් මම පුළුවන් තරම් සද්දෙ පිට නොකර මගේ හඬ පාලනය කරගත්තා...

තට්ටු ගාණක් පහු කරලා ලිෆ්ට් එකේ උඩට ආපු අපි දෙන්නා අපේ අපාට්මන්ට් එකට ඇතුල් වුණා.. ටේහියුන් මට මේ අපාට්මන්ට් එක තෑගි කරත් හරි මම මෙතෙන්න එන පළවෙනි වතාව මේ..

: වාහ්.......

දොර ඇරගෙන ඇතුල් වෙනවත් එක්කම මට ඒ විදිහට කියවුණා... මං හිතන විදිහට මේක තමයි සෝල් වල මේ ළඟකදි වැඩිම මිළ ගණන් වලට අලෙවි උන නිවාස සංකීර්ණය... ඒ නිවාස සංකීර්ණයෙන් එක නිවසක් මගේ කියලා දැනෙද්දි , ඒක මේ විදිහට ඇස් දෙකෙන්ම දකිනකොට මට කියාගන්න බැරි සතුටක් දැනුනා.. ඇත්තටම දාලා තියෙන දොරේ ඉදන් තියෙන සුඛෝපභෝගී බව මට දැනුනා...

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Tempat cerita menjadi hidup. Temukan sekarang