PD Lee ව Meet වෙලා අපි දෙන්නා ආපහු කාර් එකට ආවා... ඇත්තටම මටනම් මේ උන කිසිම දෙයක් තාමත් හරියට හිතාගන්න බෑ... ඒක නිසා මං JJ එකෙන් එළියට එන්න කළිනුත් වටපිටාව දිහා හොදට බැලුවා... ඒ මේක හීනයක් නම් මට ආයේ කවදාවත් හීනෙකින්වත් මේ තැනට එන්න බැරි උනොත් කියලා හිතලයි හැමදෙයක් දිහාම ආයේ පාරක් බැලුවේ...
Mr. Namjoon කියපු විදිහට PD Lee මාත් එක්ක හොදට කතා කරලා විස්තර දැගත්තා මිසක් මට sing කරන්න කියලවත් ඒ වෙලාවේ කිව්වෙ නෑ... ඒ හැමවෙලාවෙම එයා ටේ දිහා බලලා කිව්වේ Mr. Taehyung ට හොදයි කියලා හිතුනා කියන්නේ ආයේ ඒ ගැන අපිට බලන්න දෙයක් නෑ කියලයි.. Mr. Lee ඒ කියපු දේවල් වලින් මට තේරුම් ගියේ මෙතන ඉන්න කට්ටිය ටේ ව ගොඩක් විශ්වාස කරනවා , වගේම ටේ ට ගොඩක් ගරු කරනවා කියන එකයි... ඇත්තටම ඒ ගැනනම් මට ගොඩක් සතුටුයි... PD Lee නම් කිව්වේ මට හෙටම ඇවිත් training වෙන්න මෙහෙ නවතින්න කියලයි... ඒත් මට ඒ තරම් ඉක්මනින් එන්න බෑ කියලා මම වගේම ටේ ත් PD Lee ට තේරුම් කරලා දුන්නා... මොකද මම තාම ක්ලබ් එකේ වැඩ කරනවා... එතනින් අයින් වෙන්න හිතුමනාපෙට බෑ...මේ හැමදෙයක් ගැනම මැනේජර් එක්ක මං කතා කරන්න ඕන... ටේ දැනටමත් මැනේජර්ට මේ දේවල් ගැන යම්තාක් දුරට කියලා ඇති කියලා මට හිතුනේ උදේ මැනේජර් මම ක්ලබ් එකෙන් එළියට එද්දි කියපු දේත් එක්කයි...
" ටේහියුන් ඊයේ රෑ ඇවිත් කතා කරේ ඔයා ගැන , ඒක ඔයාට අද දැනගන්න ලැබෙයි "
ඒ මොනවා උනත් මමත් මැනේජර් එක්ක කතා කරන්න ඕන... මොකද මැනේජර් උදේ කියපු දේවල් එක්ක බලද්දි ටේත් එක්ක එකතු වෙලා මේ කරන දේට මට අවසර ලැබෙයි කියලා සීයට සීයක් මට ශුවර් කරන්න බෑ.... ඒත් මම හිතනවා මැනේජර් මේ දේට අකමැති වෙන එකක් නෑ කියලා... ඊට පස්සෙ මට මතක් උනේ ජිමින්..... මගේ හිතේ තිබුණ ලොකුම බර තමයි ජිමින්... ඒ වෙන දෙයක් නිසා නමෙයි මේ සිද්ද වෙන කිසිම දෙයක් ජිමින් තාම හරියට දන්නෙ නැති නිසා... මට කොහොමත් මේ දේවල් ජිමින්ට හංගන්න ඕන නෑ... මේ තැනට එන්න මට මුල්ම අඩිතාලම දාලා දුන්නෙ ජිමින් ඒක නිසා මට කවදාවත් ඒ කොල්ලට බොරු කරලා තැනකට එන්න ඕන නෑ... මට මේ දේ ගැන වගේම ටේ යි මායි අතර තියන සම්බන්ධේ ගැනත් ජිමින්ට කියන්න ඕන.. ඒත් ජිමින් ඒක කොහොම භාරගෙන ප්‍රතිචාර දක්වයිද කියලයි මගේ හිතට තියන බය... ඒත් මම විශ්වාස කරනවා ජිමින් මාව තේරුම් ගනී කියලා..... මම අද මේ හැමදේම ජිමින්ට කියනවා කියලා හිතාගෙනයි JJ එකෙන් එළියට ඇවිත් කාර් එකට නැග්ගේ....
YOU ARE READING
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)