⭕ Chapter ⭕ 47 ⭕

685 124 221
                                        

යාන්තම් වැටෙන පොද වැස්සකුත් එක්ක මම ප්‍රැක්ටිස් ඉවර වෙලා අඬ අඳුරේම බංග්ලෝ එකට ගියා...

මම කාර් එක නවත්තලා ඒකෙන් බහිනකොටම උඩ බැල්කනි එකේ ඉදන් මං දිහා බලාගෙන හිටපු ටේහියුන් ළඟ මගේ ඇස් නැවතුනා....

ටේහියුන් දකිනකොටම මගේ මූණේ සිහින් හිනාවක් ඇඳිලා ගියා.... ටේහියුන්නුත් උඩ ඉදන් මං දිහා බලලා යාන්තමට හිනා වුණා....

එහෙම හිනාවෙන ගමන්ම මම ඉක්මනට බංග්ලෝ එක ඇතුළට දුවගෙන් ගියේ ටේහියුන් ළඟට යන්න තිබුණ හදිස්සිය නිසාමයි... මම දන්නවා මොන ප්‍රශ්නෙක හිටියත් මගේ හදවත නිවෙන එකම තැන ටේහියුන්ගේ උණුසුම කියලා...

බංග්ලෝ එකට ඇතුල් වෙනවත් එක්කම උඳුණේ දැවුණ දරවල සුවඳ මාව වෙලා ගත්‍තා.. මම හරිම ආසයි ඒ සුවඳට.. හීටර් එකෙන් ලැබෙන උණුසුමට වැඩිය දර උඳුනේ දැවෙන දර වල උණුසුම , ඒ සුවඳ මගේ ඇඟට වගේම හිතටත් නැවුම් හැඟීම් ඇති කරනවා....

ඇඟට දැනුන උණුසුමත් එක්කම මම පඩිපෙළ දිගේ උඩට නැගගෙන ගියේ ටේහියුන්ගේ උණුසුමට ගුලිවෙන්න් හිතාගෙන... මම උඩට යනකොටත් බැල්කනි එකේ හිටපු ටේහියුන් කාමරේට ඇවිත් හිටියා.. මම දුවගෙන ගියපු ගමන්ම ටේහියුන්ව මගෙ අත් දෙකෙන්ම බදාගෙන මගෙ ඔලුව ටේහියුන්ගේ උරහිසින් තියලා තද කරගත්තා.....

මං එයාව බදාගන්නවත් එක්කම එක අතක් මගේ ඉන වටෙත් , අනිත් අත මගේ බෙල්ල වටෙත් යවලා තව තවත් මාව එයාගේ ග්‍රහණයට ගත්ත ටේහියුන් මගේ උරහිස සිපගන්න ගමන්

: කූ..... මොකද මේ......

: ඔයා හොඳින්ද.....

කියලා මගෙන් හෙමිහට ඇහුවා... මං දන්නවා මගේ පුංචිම වෙනසක් උනත් ටේහියුන්ට හොඳටම දැනෙනවා කියලා....

: ටිකක් මෙහෙම ඉන්න දෙන්න.....

ටේහියුන් මගෙන් බලාපොරොත්තු නොවුණ පිළිතුරක් දුන්න මම ටේහියුන්ගේ උරහිසට තවත් ටිකක් බර වුණා...

විනාඩි දහයකට ආසන්න කාලයක් එයාගේ උණුසුමේ මාව රඳවගෙන හිටපු ටේහියුන් මගේ නිහඬ බව නිසාම මට කතා කරන්න පටන් ගත්තා...

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now