⭕ Chapter ⭕ 26 ⭕

792 160 97
                                        





: අපි කොහෙද මේ යන්නේ....?

වටපිට බලද්දි හිතට ඇතිවුණ කුතුහලය නිසාම මං ආයෙත් හොදට පාර දෙපැත්ත බලන ගමන් ටේ ගෙන් ඇහුවා.....


: ගියාට පස්සෙ බලන්නකෝ කොහෙටද ආවේ කියලා......

ටේ හිනා වෙන ගමන් ඉස්සරහා බලාගෙන එහෙම කිව්වා....

මං අහපු දේට හරියට උත්තරයක් දුන්නෙ නැති නිසා මං ටේ දිහා තරහින් වගේ බැලුවා... ඇයි හැමදේම කරන්නෙ මට නොකියා... යන්නෙ කොහෙද කියලවත් කියන්න බැරිනම් ඉතිං.....

මං එයා දිහා තරහින් බලාගෙන ඉන්නෙ කියලා දැනිලද මන්දා ටේ ඉස්සරහා බලාගෙන ඉදලා ආපහු මගෙ මූණ දිහා බලලා හිනා වුණා..

: අහ්.... ඔය ගාණට තරහා ගියොත්නම් හොදටම ඇති ආ....

ටේ මගේ නිකටෙන් අල්ලා හිනා වෙන ගමන් එහෙම කිව්වා...

ඇත්තටම ඉතිං මට තරහා ගියා කිව්වට ඒක බොරු තරහක්... මොකද මට කවදාවත් මං හිතන විදිහට ටේ ත් එක්ක තරහා ගන්න බෑ.... ඉතිං ඒක නිසා මං බොරුවට මගේ නිකටෙන් අල්ලගෙන හිටපු ටේ ගේ අත පැත්තකට කරලා අනිත් පැත්ත බලාගත්තේ තරහෙන්ම වගේ... හැබැයි මං එහෙම කරේ මට හිනා යන්න ආපු නිසා ඒක ටේ ට පෙනෙයි කියලා....



: ජන්කුක්.... කෝ මේ බලන්නකෝ......

ටේ මගේ උරහිසට අත තියලා කතා කරා... ටේ හිතනවා ඇත්තේ මං එයත් එක්ක ඇත්තටම තරහා වෙලා කියලා වෙන්න ඇති... කමන් නෑ ටිකක් එහෙම හිතපුවාවයි... මං හිතෙන් එහෙම හිතලා හිනා වුණා... ඒ උනාට ටේ කතා කරාට මං ඒ පැත්ත බැලුවේ නෑ....




: බේබ්...... මේ බලන්නකෝ...

: හැබැයි දැන් බැලුවේ නැත්තම් ආයේ බලන්න වෙන්නෙ නෑ......



ටේ ආයේම මගේ උරහිසින් අල්ලල හොලවන ගමන් එහෙම කිව්වා... ඒත් එක්කම මට දැනුනා ටේ කාර් එකේ වේගේ අඩු කරනවා වගේ.... ඇත්තටම මොකද්ද මේ බලන්න බලන්න කියන්නේ...? මාව එයාගේ පැත්තට හරවා ගන්න ඕන නිසා බොරුවක්වත් කරනවද දන්නෙ නෑ... හැබැයි මේ පාරත් බොරුවක් කරොත් නම් කතා කරන්නෙ නෑමයි කියලා හිතාගෙන මං කෝකටත් කියලා ටේ දිහා බැලුවා.....


⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now