දරාගන්න බැරි ඔලුවේ කැක්කුමක් එක්ක එකපාරටම මට ඇහැරුනා.... මම අමාරුවෙන් ඇස් දෙක ඇරියා...
මුළු කාමරේම පිරිලා තිබුණේ ටේබල් ලෑම්ප් එකේ ඇදුරු එළියත් එක්කම දිගු නිහැඩියාවකින්...
මම මගේ බොද වෙලා තිබුණ ඇස් දෙක අත් දෙකෙන් පිහින ගමන් ලොකු හුස්මක් ගත්තා.....
ඔව්... දැන් මගේ ඇගට ශක්තියක් දැනෙනවා... මට අත පය හොළවන්න පුළුවන්.. හැබැයි ඒත් එක්කම ගහලා දාලා වගේ මොකද්දෝ අමාරුවකුත් දැනෙන්න ගත්තා.....
මං ඇස් දෙක පිහන ගමන්ම හෙමිහිට ඇදෙන් නැගිට්ටා...
: ආ.............
මට එක පාරටම කෙදිරි ගැවුනා... ඒ වෙන මොකුත් නිසා නෙමෙයි.. බෙල්ල පිටිපස්සෙන් ලොකු වේදනාවක් දැනුන නිසා... මම ගොඩක් වෙලා එකම විදිහට ඉදලා මං හිතන්නේ.... එහෙම හිතන ගමන් මං අතින් බෙල්ල අතගෑවා....
මං ඇදෙගෙන හිටපු ශර්ට් එකේ උඩ ඉදන් බොත්තම් තුනක් විතර පහළට ගලවලා..... ඒ හින්දද කොහෙද මට සීතලක් දැනෙන්න ගත්තා...
වෙලාව කීයද........
මම ඉක්මනට එතන තිබුණ ෆෝන් එක අරගෙන වෙලාව බැලුවා...
පාන්දර 4.30 යි......
හැබැයි වෙලාව බලනවත් එක්කම එක පාරට ෆෝන් එක මගෙ අතින් අත ඇරුනා... මොකද ඒ මං වෙලාව බලපු ෆෝන් එක මගේ නෙමේ......
මං ඒත් එක්කම ඉක්මනට ඇදේ එහා පැත්ත බැලුවා.....
දෙයියනේ.........
මගේ හිතින් මට එහෙම කියවුනා...
කාමරේ තිබුණ අදුරු එළියත් එක්ක මට ඔච්චර වෙලා මගේ එහා පැත්තේ හිටපු කෙනාව පෙනුනේ නෑ.. නැත්තත් එයා ඇදේ ගොඩක් පහළට වෙන්න නිදියගෙන හිටියේ.... ඒ පැත්ත ගොඩක් අදුරුයි වගේම එයා නිදියගෙන හිටියෙත් හරස් අතට.....
ඒ කියන්නේ මමත් ඒ අතට තමයි නිදියගෙන ඉදලා තියෙන්නේ......
ඒත් එක්කම මට ඊයේ රෑ වෙච්ච හැමදේම ටිකෙන් ටික පැහැදිලිව මතක් වෙන්න ගත්තා.....
YOU ARE READING
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)