⭕ Chapter ⭕ 10 ⭕

881 171 83
                                        



: ජිමිනා.... මං කියන දේ පොඩ්ඩක් අහපන් බං....

: මැනේජර්ගෙන් ඇහුවොත් මටත් යන්න දෙයි.....

ගෙදර යන්න බෑග් එක හදන ගමන් කාමරේ එහෙට මෙහෙට යන ජිමින්ට මං ඇදේ ඉදගෙනම එහෙම කිව්වා...

: මං කිව්වනේ... මට තනියම ගිහින් එන්න පුළුවන්.. උඹ ඉදලා උඹේ වැඩේ හරියට කරන්න..

: මං නිවාඩු ඉල්ලා ගන්න මැනේජර්ට කෝල් කරපු වෙලාවේ උඹ ගැන කිව්වා.. මැනේජර් කිව්වා අවුලක් නෑ මේ දවස් ටිකට ක්ලබ් එකේ ඉන්න පුළුවන් කියලා...

: ඔන්න මම ඔක්කොම සෙට්ල් කරලා දීලා යන්නේ....

: ප්‍රශ්න දා ගන්නෙ නැතුව මං නැති දවස් ටිකේ පරිස්සමින් ඉන්න...

ජිමින් මං ඉස්සරහා හිටගෙන උවමනාවෙන් මං දිහා බලලා එහෙම කිව්වා...

: ඒත් බං.... උඹ තනියම යවන එක මගේ හිතට හරි නෑ.....

මං බිම බලාගන්න ගමන් එහෙම කිව්වා..

: අහ්... ඇයි මං බබෙක්ද ආ... මෙච්චර දවසක් මාව ගෙදර එක්ක යන්න උඹ ආවානේ නේද...

ජිමින් එහෙම කියලා කිණ්ඩියට වගේ හිනා උනා...

: එහෙනම් කුකියා... මං දැන් යනවා....

ජිමින් බෑග් එකත් අතට අරගෙන මං දිහා බලලා කිව්වා...

: හ්ම්ම්ම්... එහෙනම් පරිස්සමින් ගිහින් එන්න... ගිය ගමන් මට කෝල් එකක් දෙන්න මමාට කොහොමද කියලා....

මං ඇදෙන් නැගිටලා ජිමින් එක්ක එළියට එන ගමන් එහෙම කිව්වා....

: හරි බං...... මං කෝල් එකක් දෙන්නම්...

: තව දෙයක් මං උඹට කියන්න හිටියේ කුකියා... මොන දේ උනත් මං නැති අතරේ කිසිම ප්‍රශ්නයක් දා ගන්න එපා.. විශේෂයෙන් අර එදා උඹ වලියක් දා ගත්ත එකා එක්ක. උන්ට සල්ලි වලින් කරන්න බැරි දෙයක් නෑ මෙහෙ... ඒක නිසා මං එනකන් ශේප් එකේ ඉදපන් හොදද....

ජිමිනා එහෙම කියලා හිනා වෙලා මගේ පිටටත් තට්ටුවක් දාලා යන්න ගියා... ජිමින් කියපු දේට මං කිසි දෙයක් කියන්න ගියේ නෑ...

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Место, где живут истории. Откройте их для себя