⭕ Chapter ⭕ 06 ⭕

870 173 71
                                        





මං ගහපු පාරට ඒ කොල්ලා විසිවෙලා ගියා.....

එතන හිටපු අර කෙල්ල කොහොම හරි වැටෙන්න නොදි කොල්ලව අල්ලාගත්තා...

: ආශ්......... උඹ කවුද මගේ ඇගට අත තියන්න ආ.........

එහෙම කියාගෙන ඒ කොල්ලා ආපහු වැනි වැනි මගේ ළගට එද්දි ඒක පාරටම ජිමින් දුවගෙන ඇවිත්  මට ඉස්සරහින් හිට ගත්තා...

: Sorry sir.....

: මං හින්දා සමාව දෙන්න.. මේ මගේ යාළුවෙක් මමයි එන්න කිව්වෙ

එහෙම කියලා ජිමින් ඒ කොල්ලා ඉස්සරහා දෙපාරක් විතර නැමිලා සමාව ගත්තා....

ඒත් ඒක ගානකට ගත්තේ නෑ වගේ ජිමින්වත් අතින් පැත්තකට කරගෙන මගෙ ඉස්සරහට ඇවිත් ඌ හිටගත්තා... ඇත්තමයි හිතේ තිබ්බ තරහට මට තව පාරක් උනත් ගහන්න පුළුවන්...

ඒත් මං ජිමින් නිසා ඉවසගෙන හිටියා...

: අහ්..... අදම ඇවිත් කිසිම භයක් නැතුව උඹ මාත් එක්කම පැටලුනා නේද....

: අදට බේරුනා කියලා හිතා ගනින්... හැබැයි මට උඹේ මූණ මතකයි

කට කොණකින් හිනා වෙන ගමන්  ඌ මගේ මූණට උගේ මූණ ගෑවෙන නොගෑවෙන තරම් ළං කරලා එහෙම කිව්වා... මං එහෙම්මම අහක බලා ගත්තා.. ළග ඉන්න බෑ cigarette smell එක..

ඒත් අහක බලාගන්න කලින් මං දැක්කා මගෙ අතින් වැදුන පාරට වෙන්න ඇති උගේ තොල පුපුරලා ලේ ඇවිත් තිබුණා...

ඒ වෙලාවේනම් මට ඒක දැක්ක ගමන් හිත ඇතුලෙන් ලාවට වගේ සතුටකුත් දැනුනා...



මට එහෙම කියලා මගෙ මූණ දිහාත් හොදට බලලා ඌ අර කෙල්ලගේ කරට අත දාගෙන එතනින් යන්න ගියා...



: මොකද්ද බං ආපු ගමන් කර ගත්තේ.....

ඌ යනවත් එක්කම ජිමිනා මගේ ඇගට කඩාගෙන පැන්නා...

: දැන් ඉතිං මොනවා වෙයිද මං දන්නෙ නෑ.... උඹට ජොබ් එකත් නැතුව තමයි ආපහු යන්න වෙන්නෙ... උන් මෙතන daily customers ලා.... උන් එක්ක හැප්පුනා කියන්නේ ලේසි වෙන්නෙ නෑ පුතේ...

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now