⭕ Chapter ⭕ 29 ⭕

870 135 72
                                        





නින්දෙන්ද , අඩ නින්දෙන්ද කියලා හරි හැටි වටහාගන්න නොහැකි වූ හැගීම් සමුදායක් මනස වෙලාගනිද්දි... ලාවට කන වැකුණ " සිරි සිරි " හඩත් එක්ක මම ඇස් යාන්තමට ඇරියා....




බොද වූ චායවක් වගේ ජනේලේ ළගට හිටගෙන ඉන්න ටේ ව මට පෙනුනේ යාන්තමට වගේ.....





ඒත් මම තාම නින්දෙන්ද... ආයෙම ටිකක් එහෙට මෙහෙට වෙලා ඇරපු ඇස් දෙක මම පියාගෙන මට එහා පැත්තේ, ඇදේ ටේ හිටපු තැන හෙමිහිට අතගාලා බැලුවා....



ඔව් ඇත්තටම ටේ දැන් එතන නෑ... ඒ කියන්නෙ මේ හීනයක් නෙමෙයි... මම දැන් ඇහැරලයි ඉන්නේ....




එහෙම්ම ඇස් දෙක වැහෙන්න වගේ මූණට උඩින් අත දාගත්ත මම ටික වෙලාවක් ඇදට වෙලා හිටියා....





ටික වෙලාවකට සතුටු වෙලා , මනස නිදහස් කරගත්තත් මගේ ඉහටත් උඩින් ප්‍රශ්න කන්දක් තාම තියනවා.... ටේ මං වෙනුවෙන් කරපු දේ කිසිම කෙනෙක් තවත් කෙනෙක් වෙනුවෙන් නොකරන දෙයක්.... ඔව්.... ඒ හැමදේම ආදරේ නිසා....



ඒත්...... මැනේජර් මට අර විදිහට කියන්න මොකක්ම හරි හේතුවක් තියෙන්න ඇති....




මං දැන් ඉන්නෙ ඔය දේවල් හිතන්න ඕන තැනක නෙමෙයි... නමුත් ආයෙම මාව යතා තත්වයට පත් වෙද්දි හිතේ තියන ප්‍රශ්න වලින් එක එක මතකෙට එනවා....



ඔක්කොටම වැඩිය ජිමින්.... මම ජිමින්ට කොහොමද මේ හැමදේම තේරුම් කරන්නේ.... ඌ මාව තේරුම් ගනීද...?



එක වෙලාවකට මට හිතෙනවා මම මේ දේවල් ජිමින්ට කළින් කිව්වනම් එකක් කියලා... මොකද දැන් හැමදේම සංකීර්ණ වෙලා ඉවරයි... ආපහු හැරෙන්න බැරි තරමටම....


ජිමින් මම මගේ ගමන යන්න හදන පාර වැරදි කිව්වොත් , ඒකට අකමැති උනොත් මම මොකද කරන්නේ....


මට මගේ යාළුවාගෙනුයි , මගේ හීනෙනුයි දෙකෙන් එකක් තෝරාගන්නම වෙනවා.....


ජන්කුක් මොකද්ද මේ උඹ කරගත්තේ..... උඹට මේ දේවල් ජිමින්ට කළින් කියන්න තිබුණා....




⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now