⭕ Chapter ⭕ 14 ⭕

994 176 152
                                        





Shopping mall එකේ ඉදලා ඇනෙක්ස් එකට ආපු මම උන දේවල් හිත හිතාම ඇදට වැටුනේ ටිකක් නිදියාගන්න හිතලා.... ඒත් මට සෑහෙන වෙලාවක් යනකන් නින්ද ගියේ නෑ.... ඔලුවට එන්නෙම ක්ලබ් එකේදි උන දේ වගේම Shopping mall එකේදි ටේහියුන් ව දැක්ක විදිහ... වෙලාවක මට හිතුනා Shopping mall එකේදි මං දැක්කේ ටේහියුන්ගේ නිවුන් සහෝදරයද කියලත්... ඒ තරම්ම ක්ලබ් එකේදි දකින ටේහියුන් ට වැඩිය එතන හිටපු ටේහියුන් සිය දහස් ගුණයක් වෙනස්...  රෑපෙන් ඇරෙන්න අනිත් හැමදේකින්ම....






_________________________________________



හවස 5 ට විතර මට ඇහැරුනා.... මං ඉක්මනට නැගිටලා වොශ් රූම් එකට ගියේ මූණ අතපය හෝදගෙන ක්ලබ් එකට යන්න ලෑස්තිවෙන්න හිතාගෙන....

" වෙච්ච හැමදේම අමතක කරන්න "

ටේහියුන් කාමරෙන් යන්න කලින් කියපු එකම දේ ඒක...

අහ්  ඔව් .. ඉතිං මතක් කරන්න තරම් දෙයක් එතන සිද්ද උනේ නෑනේ.... අනික මං මොකටද ඒ දේවල් මතක් කරන්නේ... කොහොමත් ඒ දේවල් මගේ කැමැත්තට සිද්ද උනා නෙමෙයිනේ.....

එයානම් උන හැමදේම ඒ වෙනකොටත් අමතක කරලා ඉන්න ඇත්තේ... නැත්තම් ඉතිං...  shopping mall  එකෙදි අදුනන්නේ නැති මනුස්සයෙක් වගේ යයිද...

ආ.. ශිහ්.... මට මොකද ආ.....  අදනම් ක්ලබ් එකේදි මූණවත් බලන්නේ නෑ... ජිමිනා කියපු එක ඇත්ත.. ඌට මේ හැමදෙයක්ම සෙල්ලමක්.. නැත්තම් අර විදිහට කෙල්ලොත් එක්ක ඉදීද....

ශික්.......

මං වොශ් රූම් එකේ ඉදන් මූණ හෝදන ගමන් ආයේ මගෙ හිතත් එක්කම තර්ක කරා... ඒත් ඇයි මේ මං ඒ දේවල් ගැන හිත හිතාම    මාත් එක්කම තර්ක කරන්නේ....

ජන්කුක් මොකද වෙලා තියෙන්නෙ ආ.... පිස්සෙක් නොවි ඉන්නවා... මං මටම එහෙම කියාගන්න ගමන් ලෑස්ති උනා....

_________________________________________


Shopping mall එකේ එච්චර සෙනගක් ඉදලත් වෙන කවුරුත් දිහා නොබලා ආපු ටේහියුන් මං දිහා බැලුවා.....

ඒ කියන්නේ සෙනග අතරේත් එයාට මාව හොයාගන්න පුළුවන් උනා , එයා මාව දැක්කා...........

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now