⭕ Chapter ⭕ 31 ⭕

622 134 70
                                        






මාස ගානක් නොදැක්ක ඒ රූපේ ආයෙමත් එක විනාඩි ගාණකට මගේ ඇස් මානෙට ඇවිත් එසැනින් මට නොපෙනී යන්න ගියා....


මගේ කටින් රියා... කියන වචනේ පිටවෙන්නත් කළින් රියා හිටපු කාර් එක නවත්තලා තිබුණ තැනින් ඉස්සරහට ගියා.....



ඇත්තටම මේක අහම්බයක්ද....?? 

මගේ හිතට අමුතු හැගීමක් දැනුනා....


මං තාමත් පාර අයිනේ හිටගෙන රියාගේ කාර් එක නවත්තලා තිබුණ පැත්ත බලාගෙන ඉන්නවා....



ඇත්තටම රියාව එකපාරට සෝල් වලදි ඒ විදිහට දැක්කහම මට පුදුම හිතුනා.... මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා... ඒ මොකද මං කීයටවත් රියාව ආයේ මෙ විදිහට අහම්බයකින්වත් දකින්න බලාපොරොත්තු වුණේ නැති නිසා....



කාටත් නොදැනෙන්න වගේ හෙමිහිට වටපිට බලපු මම හෙමිහිට හිටගෙන හිටපු තැනින් ඉස්සරහට ඇවිදගෙන ඇනෙක්ස් එක පැත්තට යන්න පටන් ගත්‍තා....



ඒත් මගේ හිත තාමත් නැවතිලා තිබුණේ විනාඩි ගානකට කළින් රියා ව දැකපු තැන....




මං ඒ ගැන හිත හිතාම ඇනෙක්ස් එකට ගියා.... මොකද්ද කියලා හරියටම පැහැදිලිව තේරුම් කරගන්න බැරි උනාට ඇත්තටම මගේ හිතට මහ ලොකු අමුත්තක් දැනෙන්න ගත්තා.....










**********






: ජිමින්ශි.........


ඇනෙක්ස් එකෙ දොර ඇරලා තිබුණ නිසාම මං එහෙම කියාගෙන ඇතුල් උනා...


: ඔහොම හිටපන්.... මං ඉක්මනට වොශ් එකක් දාගෙන එන්නම්.....



ජිමිනා වොශ් රූම් එක ඇතුලේ ඉදන් හයියෙන් කෑ ගැහුවා.....



: ඇයි... මං ඇතුලට ආවොත් අවුල් වගේද......



ඇදේ ඉදගන්න ගමන් මාත් හයියෙන් හිනා වෙවී එහෙම කිව්වේ ජිමිනව ටිකක් අවුස්සන්න...

⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing   ]Where stories live. Discover now