: මමා.... ඔයා මොකද්ද මේ කරන්නේ...
: මොකද්ද මේකේ තේරුම...
ටේහියුන්ගේ හඬ හැම අතින්ම දෝංකාරදීගෙන ඇහෙද්දී....
ටේහියුන් ඇවිත් මගේ ඉස්සරහින් මට පිටිපස්ස හරවලා හිටගන්න ගමන් මමා දිහා එක එල්ලේම බලාගෙන ඇහුවා...
ටේහියුන්ගේ හඬ වෙව්වලනවා.... ඒ හඬ ඒ තරම් වෙව්ලන්නේ එයාට දැනුන තරහා වේදනාව දෙකම එකට එකතු වෙලා කියලා මට තේරුම් ගියා.....
: ටේහියුන්.... ඔයා පැත්තකට වෙලා ඉන්න...
: මං මේක බලාගන්නම්....
: ජීන්.... මල්ලිව අරගෙන මෙතනින් යන්න....
කිසිම බරක්පතලක් නැතුව ටේහියුන් කියපු දේවල් කනකටවත් ගත්තෙ නැති විදිහට ටේ දිහා උපහාසාත්මක බැල්මක් හෙළපු ටේ ගේ මමා එතන තිබුණ පුටුවෙන් වාඩි වුණා...
: නෑ මමා.... නෑ.......
: මම මෙතනින් එක අඩියක් හෙල්ලෙන්නෙ නෑ ....
: මම යනවනම් ජන්කුක් මාත් එක්ක යනවා...
තරහින් එහෙම කියලා ටේ එකපාරට මගේ දිහාට හැරිලා ඉදගෙන හිටපූ මගේ අත අල්ලාගන්න ගමන් මගේ ඇස් දෙක දිහා බැලුවා..... මගෙ වගේම ඒ ඇස් දෙකෙත් කදුළු පිරිලා තරහ පිටකරගන්න බැරුව වේදනාවෙන් දඟලනවා.....
එහෙම්ම මොහොතක මගේ ඇස් ළග නතර උන ටේහියුන්ගේ ඇස් දෙක එසැනින් මගෙන් මිදිලා ආපහු මමාගේ පැත්තට හැරුනා.....
ඒත් ටේ තාමත් මගේ අතින් අල්ලගෙන ඉන්නේ.....
: ජීන්..............
උස් හඬින් එහෙම කියපු ටේ ගේ මමා ජීන් හියුන්ගේ පැත්තට හැරුණා....
: මම තමුන්ට මොකද්ද කිව්වේ.....
: මල්ලිව අරගෙන ඉක්මනට මෙතනින් යනවා......
ජින් හියුන්ග් දිහා බලලා තරහින් කෑ ගහන ගමන් මමා එහෙම කියාගෙන නැගිටිද්දි ටේ අසරණ බැල්මක් ජීන් හියුන්ග් දිහා බැලුවා....
YOU ARE READING
⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]
Fanfiction" අහම්බෙන් මුණ ගැසුන අහිංසක මුත් අහංකාර හිතකට පෙම් කළ දඩබ්බරයෙක්.... ලෝකෙට අසම්මත උනත් හිතින් සම්මත කරගත්ත ඒ හිත් ආදරේ කලා ඔවුන්ගේ ආත්මයන්ට පවා..... ඒත් හිටි හැටියෙම ඒ ආදරේ වෙනස් වෙන්න ගත්තොත්..? දරාගන්නෙ කොහොමද...
![⛓️🚫 || Still With You || 🚫⛓️ || TK || [ Ongoing ]](https://img.wattpad.com/cover/282159528-64-k172489.jpg)