chapter 01

136 23 7
                                    

Paris love 🥀❣️

         Chapter 01

ආදරේ නගරය තුල ලියවුන ප්‍රේමය ...♡

"ජන්කුක් අද ගෙදර යන්න නැද්ද..... දැන් ඔය ඇති ... ආන්ටි මට කෝල් කරලා කිව්වා මොකද කියලා බලන්න මාත් මේ ගෙදර යන ගමන් ආවේ...

Office room එකේ දොර බාගෙට ඇරලා ඔලුව විතරක් ඇතුලට දාපු ජුන්  එහෙම කිව්වා...

" ආ හියුන් ...මම මේ.... යන්නම් හියුන්.... "
තාමත් තමන්ගෙ මේසේ උඩ තිබුන ෆයිල් අස්සෙ මොනවද හොයන ගමන් ජන්කුක් ජුන්ට කිව්වා...

" හරි එහෙනම් මම ගියා.
එහෙම කියපු ජුන් දොරත් වහගෙන ගියා...

අතේ තිබුන ෆයිල් එක මේසෙ උඩින් තිබ්බ ජන්කුක් බිත්ති ඔරලෝසු
ව දිහා බැලුවා... වෙලාව
පාන්දර දොළහත් පහුවෙලා... එක අතකින් ඊයේ වෙහෙසකාරී දවස ගෙවිලා අනිත් අතින් තවත් ඒ වගේම දවසක් පටන් අරන්... ඒත් ජන්කුක් තාම එක තැනක නතර වෙලා... ඒ කොහෙද , කොතනද කියලා කියන්න ජන්කුක්වත්
දන්නෑ.... වීදුරු ජනේලෙට අත තියලා එලිය බලපු ජන්කුක් දැක්කෙ එලි සියදහස් ගණනක් මගින් ආලෝකය වුන සෝල් නගරය... තාමත් මේසේ උඩ ගොඩගැහිලා තිබුන ෆයිල් දිහා බලාගෙන ලොකු හුස්මක් පිට කරපු ජන්කුක් තමන් ඇදන් හිටිය සුදු කමිසෙ ගලවපු බොත්තම් තුනත් දාගෙන ඊට උඩින් ලෙදර් ජැකට් එකත් දාගෙන ඔෆිස් රූම් එකෙන් එලිය ඇවිත් ඉලවේටර් එකේ තට්ටු 25 පහුකරන් පලමු මහලට ආවා....
ඒ වෙද්දිත් එතන හිටිය සෙකියුරිටි එකේ තුන් හතර දෙනෙක්ගෙන් ලැබුන සුහද ආචාර පිළිගත්ත ජන්කුක් තමන්ගෙ කම්පැනි එක දිහා ආයෙත් පාරක් හැරිලා බලලා එලියට ආවේ ලොකු තෘප්තියකින්...

කොරියාවේ සෝල් නගරෙ විතරක් නෙවේ කොරියා පුරාම වගේම ලෝකෙත් ජියොන් කෝපරේෂන් එක යටතට අයත් වුන ව්‍යාපාර තිබුනා...
මේ හැම පොඩි පොඩි කම්පැනි එකකම මදර් කම්පැනි එක ජියොන් කෝපරේෂන් එක...
තමන්ගෙ පියාගෙ අඩි පාරේ යන ජන්කුක් හැම වෙලේම තමන් කරන දේ ගැන හොද පැහැදිලි බවක් වගේම තෘප්තිමත් බවක් තිබුනා....

කාර් පාර්ක් එකට ආපු ජන්කුක් තමන්ගෙ වාහනේට නැගලා සෝල් නගරෙ  තරමක් කලබලකාරී බවින් අඩු ප්‍රදානය පාරට තමන්ගෙ රථයත් ඇතුළු කරා...

Paris Love Where stories live. Discover now