chapter 19

18 11 15
                                    

Paris love 🥀
Chapter 19

හවස ලෙක්චර් එකටත් ඉදලා ජන්කුක් යුනි එකෙන් එලියට එද්දිම වගේ ජේ දුවගෙන ඇවිත් කුක් ගෙ කරට අත දාගත්තා ..

" කුක්කා මේ ...

" මොකක්ද ?

" මම අද දවසම බලන් හිටියෙ උබ කතා කරන්නෙ නැතුව ඉන්න එක නම් සාමාන්‍ය දෙයක්.. ඒත් උබ නිකන් වාහනේට ගහපු ජැක් එක වගේ මූණ ඇද කරන් ඉන්නෙ ඇයි ආ...

" ම් නිකන් බං ..

" මට බොරු කියන්න එපා බං හොදද...

" හරි හරි පොඩි ප්‍රශ්නයක් තියේ බං ... ඒත් ඒක කීවොත් උබ මොනවා හිතයිද මම ගැන ..

" ඇයි උබ කෙල්ලක් රේප් කරාද , නැත්තං මිනිහෙක් මැරුවද, නෑනේ බං .. මට කියහන් මොකක්ද වුනේ ආ...

" වරෙන්කො මම යන ගමන් කියන්නම් අපි කොෆි එකක් බොන ගමන් කතා කරමු ...

" හම් හරි ...

@ cafe shop
5:00 PM

" හරි දැන් මොකක්ද වුනේ ආ...

" මේකයි උබ දන්නවනෙ ජේ ජිමින්ව ...

" ආ ඔව් අර මලක් වන් කොල්ල නේද ?

" හම්....

" ඉතින් මොකක්ද?

" මම ඒ කොල්ලට කැමති ...

එකපාරම බිබි හිටපු කැෆචිනෝ එකට ජේගෙ කට පිච්චුනේ කැෆේ එකත් හලා ගන්න ගමන් ...

" ආ... ජේ උබ හොදින් නේද...

" ඔව් ඔව් ..  මොකක්ද උබ කිව්වෙ බං ...

"  මම දන්නවා බං උබල ඒක වෙනස් විදිහට දකී..

" අනේ පිස්සු කියවන්න එපා කුක් .. උබ ආදරේ කරන එකම ලොකු දෙයක්... මම නම් කියන්නෙ බං ආදරේට කෙල්ලෙක්ද , කොල්ලෙක්ද අදාල නෑ ... හදවතට එකගව දැනෙන හැගීම විතරයි වැදගත් ...
ජේ ඒක කිව්වෙ මහාචාර්ය වරයෙක් වගේ ...

" හම්...

" හරි  දැන් උබ ලතැවෙන්නෙ ඔය ආදරේ කියාගන්න බැරුව නම් ඒකට තමයී මේ ජේ ඉන්නෙ ...ඉදාන්...

" ආ ජේ... ඉදහන් උබ කොහෙද යන්නෙ ...

කැෆේ එකෙන් නැගිටලා එලියට යන ජේ පස්සෙ කුක් ගියේ කතා කරන ගමන් ...

Paris Love Where stories live. Discover now