chapter 16

17 13 0
                                    

" ජිමින් ... කෝ නැගිටින්න අපි ආවා තැනටම ...

" ආ... මොකක්ද ..

" හරි ගොඩක් ස්තූති ඔයාලා කරපු උදව්වට වාහනේ මිනිස්සු දෙන්නට තෑන්ක්ස් කරලා කුක් ජිමින්වත් අරන් වාහනෙන් බැහැලා ඒ ගල් අල්ලපු පාර අයිනෙන් හිට ගත්තා...

" ජිමින් ඔයා අර බෙන්ච් එකෙන් ඉදන් ඉන්නවද .. මම අර ගෙදරින් අහලා එන්නම් ඇනෙලන්ගෙ ගෙදර දන්නවද කියලා ..

" හරි ....
නිදිමරගාතෙ හිටපු ජිමින් බෑග් එකත් බිම දිගේ ඇදන් ගිහින් බෙන්ච් එකෙන් ඉද ගත්තට පස්සේ ජන්කුක් ඒ ලගම ගෙදර ගාවට ගිහින් ඩෝ එක ගාව හිටන් බෙල් කරා...

" හෙලෝ .. මම ජන්කුක් .. අපි ආවේ පැරිස්වල ඉදන්.... දැන ගන්න පුළුවන් ද මිසිස් ඇනලන්ගෙ ගෙදර කොහෙද කියලා ...

" ඕ ... ඔහොම ටිකක් ඉස්සරහට ගියහම ටිකක් ඇතුලට යන්න ගල් අල්ලපු පරණ පාරක් හම්බෙයි.... ඒකේ ටිකක් දුර යන්න ... ඒ පාර තියෙන්නෙ කෙලින්ම ඩෙවොන් මෙන්ෂන් එකට ...

" ආ... මෙන්ෂන් එකක් ...

ජන්කුක් පුදුම වුනේ නෑ කිව්වොත් පුදුමයි...

" ඔව් ඇනලන් මැඩම් තමයි ඩෙවොන් පවුලෙ අන්තිම කුමරිය .. එයා දැන් තනියම එහෙ ඉන්නෙ ... ඔයා කවුද එයාගෙ පවුලෙ කෙනෙක්ද ??

" ආ...නෑ අපි එයාගේ පුතා දන්න අය ...

" පුතෙක් ....ඔයාට වැරදිලා මිස්ටර් ඇනලන් අවිවාහකයි ... එයා තමයි පරම්පරාව අවසාන කෙනා ...

" ආ.... ඒත් එතකොට ... හරි කමක් නෑ... අපි ගිහින් බලන්නම් ... ස්තූති ඔයාට ...

එහෙම කියලා ජන්කුක් ජිමින්ගෙ ගාවට ආවා ..

" යමු නේද ....

" හම් ඔව් ... මේ ටවුන් එක අදුරුයි අපායෙ දොර වගේ ...

" මෙහෙ මිනිස්සු අඩුයිනෙ ඒකයි ජිමින් ...ආ... ඒක නෙවේ ඔයා කොහොමද මේ ලමයගෙ ආච්චි මිසිස් ඇනලන් කියලා හොයා ගත්තෙ...

" මට ඇහුනා පොලිසියෙ අය එහෙම කියනවා ...

" එහෙමද ? මේකයි ජිමින් ... ඇනලන් අවිවාහක කෙනෙක් ලු ...

" කවුද කියන්නෙ ???

" අර ගෙදර මනුස්සයා කිව්වෙ ... ඒත් අපි ගිහින් බලමු මෙච්චර දුර ආව එකේ ..

Paris Love Donde viven las historias. Descúbrelo ahora