chapter 14

30 11 0
                                    

Paris love 🥀
Chapter 14

ජිමින් වට පිට බල බල පිටි පස්සෙන් එද්දි ජන්කුක් ටිකක් ඉස්සර වෙලා ගියා ...
ටිකකින් ජිමින් ජන්කුක්වත් පාස් කරගෙන දිව්වෙ මෙලිගොරවුන්ඩ් ඒක ගාවට ..

" කුක් ... අනී අපි යමු වටයක් ...

" හරි ඉන්න ටිකට් අරන් එන්නම් ...

ජන්කුක් ටිකට් අරන් ආවට පස්සේ ජන්කුක් ජිමින් දෙන්නම පොලිමේ ගිහින් මෙලිගො රවුන්ඩ් එකට ගොඩ වුනා...

වට හතරකට පස්සෙ ජිමින් මෙලිගො රවුන්ඩ් එකෙන් බහිද්දි ජිමින් හිටියෙ කියා ගන්න බැරි තරම් සතුටකින් ...

ඊලගට ජිමින් ගියේ කැන්ඩි ශොප් එකක් ගාවට .. කැන්ඩි කෝන් දෙකක් අත් දෙකට ගත්ත ජිමින් හයියෙන් හිනා වුනේ පොඩි ළමයෙක් වගේ ..

" මේ කුක් .. ඔයාට පුළුවන් ද මගෙ බෑග් එකෙන් සල්ලි අරන් මේ අන්කල්ට දෙන්න .. මට ආයේ මේ දෙක බිමින් තියන්න නම් බෑ ...

ජිමින්ගෙ මේ හුරතලේ ඉස්සරහ ජන්කුක් ගොඩක් අසරණ වෙලා හිටියෙ ...
තමන්ගෙ  එකෙන්ම සල්ලි දුන්න කුක් ජිමින්ට ඉස්සරහ යන් කියලා කියලා පිටි පස්සෙන් ආවා ..

" කුක් අපි යමුද මැජික් කුඩාරමට...

" ආ....

" එන්නකො .. එතන ඉන්නවලු ගොඩක් පරණ අනාගතේ කියන ගෑනු කෙනෙක් .. එයා කියන දේවල් ගොඩක් ඇත්තලු ...

"කාටද ජිමින් අනාගතේ දකින්න පුළුවන්.. ඒක විහිළුවක් වගේ ..

" එනවකො යන්න ඊට පස්සේ තේරෙයි ..

කොහොම හරි ජන්කුක්වත් ඇදන් ජිමින් කළුපාට කූඩාරමක් ඇතුලට ගියා...

ජිමින් ටික ටික ඉස්සරහට යද්දි මූණත් වැහෙන්න ස්කාෆ් කෝට් එකක් දාගෙන කවුරු හරි ඉස්සහ පුටුවක ඉදන් ඉන්නවා ජිමින් වගේම ජන්කුක් වුනත් දැක්කා ...

" හායි ආන්ටි ...
ජිමින් එක පාරම කතා කරත් ...

" ඔතනින් ඉද ගන්න ඔය දරුවො දෙන්නා ..

ජිමිනුයි කුක් දෙන්නා මේසේ ලගම පුටු දෙකෙන් ඉද ගත්තා..
ඒ මේසේ උඩ පරණ පොත් හරියට මායා පොත් වගේ මනුස්සයෙක් ගෙ ඔලු කට්ටක් , පරවුණු මල් , ඒක එක පාට වතුර පිරෙව්ව කුප්පි තිබුනා.. ඒ කුඩාරම හැමතැනම ඉටි පන්දම් පත්තු කරලා තිබුනා...
ඒක පාරම බලද්දි නම් හොල්මන් ගුහාවක් වගේ ෆීලින් එකක් එන්නෙ...

Paris Love Where stories live. Discover now