chapter 51 🥀🥀

20 7 2
                                    

Paris love 🥀🥀
Chapter 51

"ආව් ...

" ඕ ගෝඩ්.. සොරි මම දැක්කෙ නෑ ..

" ආ... ඒකට කමක් නෑ...මාත් ...

"ඔයා ...

" ඕ...ඔයා ..

_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠__⁠_⁠_⁠ ♡_⁠_⁠_⁠_⁠_⁠__⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_

" ඕ ඔයා ....  ඔයා ජිමින් මේ ඔයාමද ??

මිනීගේ ඇගේ හැප්පුන ගර්ල් ජිමින් දිහා බලලා එහෙම අහද්දි ජිමින් ඔලුව උස්සලා ඒ ගෑණූ ලමයා දිහා බැලුවා .. අවුරුදු හතරකට වඩා පරණ යාලුවෙක් ... කොහොම නම් අමතක වෙන්නද ??

" ටානියා .. මේ ඔයාද....ආ... ඔයා මෙතන මොකක්ද කරන්නෙ ...ම් ..

අමාරුවෙන් හිනාවක් දීගෙන ජිමින් අහද්දි ටානියත් ඇස් හීනී කරලා හිනා වෙලා මිනී දිහා බැලුවා..

"මම වැඩ කරන්නේ මෙතන ජිමින් ..
ඔයා මොකටද කිම් කම්පැනි එකට ආවේ ??

" ආ... මගෙ Dance costumes වගයක් design කරන්න දුන්නා ඒක ගන්න ආවේ ටානියා .. ඔයා ගොඩක් වෙනස් වෙලා... ජේත් එක්කද දැන් ඉන්නෙ ..

ජිමින් හිනා වෙලා ඇහුවෙ එයාගේ පරණ යාළුවා වගේම සහෝදරියව අහම්බෙන් හම්බුන සතුටක් හිතේ තියාන ..අනිත් අතට ඒ පරණ දේවල් රිද්දන විදිහත් පුදුම අමාරුවෙන් ඉවසගෙන ...

" අපි break up වුනා ජිමින් .. දැන් මම තනියම ඉන්නෙ...

කෙල්ල ටිකක් දුකින් කිව්ව නිසා ජිමින් පුදුමෙන් වගේ ටානිය දිහා බැලුවා.. මොකද ඒ දවස් වල හිටිය ගොඩක් ලව්ලි කපල් එකක් ටානියා ඇන්ඩ් ජේමින්.. මුලින් පුදුම වුනත් තමන්ටයි ජන්කුක්ටයි වෙච්චි දේවල් එක්ක ඒක මම පුදුමයක් නෙවේ කියලා ජිමින් යන්තම් හිනාවක් දීලා ටානියගෙ අත් දෙකෙන් අල්ල ගත්තා..

" අනේ සමා වෙන්න ටානියා මම ඔයාගෙන් ඒ ගැන ඇහුවට .

" ඒකට කමක් නෑ.. මම මෙතන වැඩට ආවේම ඔයාව හම්බ වෙයි කියන බලාපොරොත්තුවෙන් ...දෙවියනේ අන්තිමට අවුරුදු 4කට වගේ පස්සෙ අපි හම්බුනා නේද ?? ඉතින් කොහොමද ජිමින් ජීවිතේ ..

" හම් ඔව් .. මට සතුටුයි ඔයා හම්බුන එකට ටානියා ..

ජිමිනුත් හුස්මක් පාත දාලා කිව්වෙ ටානියා ජිමින්ව හග් කරද්දි ...

Paris Love Where stories live. Discover now