chapter 05

46 17 3
                                    

Paris love 🥀🥀....
Chapter 05

ආදරේ නගරය තුල ලියවුන ප්‍රේමය...♡

කොහොමහරි ජන්කුක් වගේම ජේත් කිම් mansion  එකට ආවා ...

ඒත් එක්කම සිනාවකින් මුහුන සරසරගත්ත මිසිස් කිම් ජන්කුක් ඉස්සරහට ඇවිදගෙන ආවා ...

" අනේ ...මගෙ කොල්ලා ගොඩක් ලොකු වෙලා ... Handsome  වෙලා ... මේ අර පොඩි කොල්ලද කියලවත් හිතා ගන්න බෑ මට නම්....

" අයියෝ ඔම්මා ජන්කුක් මල්ලිටයි එයාගෙ යාළුවට ඇතුලට එන්න දෙන්න ...එයාලට මහන්සිනෙ ...
ජින් කිව්වෙ උඩ තට්ටුවට යන්න පඩිපෙල නගින ගමන්....

එන්න පුතා ඇතුලට ....ආ..කවුද අර තව ඉන්නෙ ...
මිසිස් කිම් වාහනයෙන් බහින ජේ දිහා බලාගෙන ඇහුවා...

" ඕ ආන්ටි ඒ මගෙ යාලුවා ජේ පාර්ක්... එයාත් මාත් එක්ක ආවා ....
ජන්කුක් ජේට එන්න කියන ගමන් කිව්වා ...

" හායි ආන්ටි .... මම ජේ... ආන්ටි නම් ගොඩක් කරුනාවන්ත පායයි ....
ජේ ට හොදට පුලුවන් එයාගෙ වචන වලින් මිනිස්සු අල්ල ගන්න...

" අනේ....හරිම හොද ලමෙක් මිසිස් කිම් ජේවත් ආදරෙන් පිලි ගත්තා....

ජන්කුක් නම් බයෙන් හිටියෙ එක දවසින් ජේ ගෙ වැඩ වලට ගෙදරින් යන්න වෙයිද කියලා...මොකද දැනටමත් ජින් හියුන් ජේ ට කැමති නෑ කියලා ජන්කුක් ජින් ගෙ හැසිරීමෙන් දැන ගත්තා ....

මොනවා වුනත් යාළුවව විශ්වාස කරලා ජන්කුක් mansion එකඇතුලට ගියා....

"පුතාලගෙ කාමර උඩ තට්ටුවේ දකුණු පැත්තෙ තියෙන්නෙ ..මේ සේහි ඔයාලට ඒවා පෙන්නයි ... "
ගෙදර වැඩ කරන මැදි වියේ කාන්තාවක් පෙන්නලා මිසිස් කිම් කිව්වා...

" වොෂ් එකක් දාගෙන එන්න... "

එහෙම කියපු මිසිස් කිම් kitchen ඒක පැත්තට ගියා ....

තමන්ගෙ කාමර වලට ගිහින් වොෂ් එකක් දාගෙන ඇදට වැටුන ජන්කුක් කවුරු හරි දොරට තට්ටු කරන සද්දෙට ගිහින් දොර ඇරියා....

" ආ.... ජේ.... ඇයි මේ තට්ටු කරලා එන්නෙ....
ජන්කුක් හිනා වෙලා ඇහුවා...

" උබ කියන්නෙ කඩාගෙන බිදගෙන එන්න කියලනම් මම එහෙම  එන්නම්...
ජේත් ගානකට නොගෙන කිව්වා..

Paris Love Waar verhalen tot leven komen. Ontdek het nu