chapter 48

25 9 2
                                    

Paris love 🥀🥀
Chapter 48

ජිමින් එයාගේ රෙදි ටික ටේගේ සෙකට්‍රිරිට දීලා පාර දිගේ ඇවිදගෙන එන ගමන් හිටියෙ එයාගේ රංග ශාලාවට...ඊයේ රෑ ටිකක් නිදා මරලා වගේම දැන් පයින් ඇවිදන් ඇවිල්ලත් එයාට මහන්සී ... ඔක්කෝටම හපන් අද එයාට බෙහෙත් බොන්නත් අමතක වෙලා ..

" හෙලෝ මේ මිස්ටර් පාර්ක් ජිමින් නේද ..

එතන බෙන්ච් එකක ඉදන් හිටිය මිනිහෙක් එහෙම අහද්දි ජිමින් ඒ පැත්තට හැරිලා ඔව් කිව්වා ..

" හම් .. මම ආවේ මිස්ටර්ට පොඩි පණිවිඩයක් දෙන්න ..

" ඔව් මොකක්ද ??

කවුරු වුනත් කතා කරද්දි නෑහුනා වගේ ඉන්න බැරි කමට ජිමින් ඒ පැත්තට හැරිලා කතා කරා ..

" මේ ලියුම මිස්ටර්ට .. එහෙනම් මම ගියා ..

එහෙම කියලා හුඩ් එකකින් ඔලුව ආවරනය කරගෙන හිටිය ඒ පුද්ගලයා ජිමින් දිහා ටිකක් බලාගෙන ඉදලා ඉක්මනට පිටත් වුනා.....
ලියුමත් සාක්කුවට දාගෙන එන ගමන් ඉන්න ජිමින්ගෙ දුරකතන හරි ඉක්මනින් නාද වුනේ හදිස්සියක් කියන්න වගේ .. ඉක්මනට ජැකට් එකට අත දාලා ෆෝන් එක ගත්ත ජිමින් දැක්කෙ ඒ ගෙදර ලෑන්ඩ් ලයින් එක කියලා ..

" හෙලන් නැද්දා... මේ වෙලේ ..

ජිමින් ඉක්මනට කෝල් එක ආන්සර් කරා .. එයාට බයයි පොඩි එකත් ගෙදර අද ..

" හෙලන් නැන්දා ..ඇයි මොකද .. ප්‍රශ්නක්ද ?? ලමයා හොදින් නේද??

මේ ටිකේම කොල්ලා අසනීප වෙනවා ඉවරයක් නැති නිසා ජිමින්ට ඉක්මනට මතකෙට ආවේ කොල්ල ආයේ අසනීප වුනා වත්දෝ කියලා..

" ආ... මේකයි ජිමින් පුතා .. මේ කවුද ආ...අර එදා ආපු ලමයම ආයෙත් ඔයාව හම්බවෙන්න ඇවිත් ඔයා නෑ කිව්වට යන්නෙ නෑ.. ලමයා එක්ක කතා කරනවා එලියට වෙලා .. මට බයයි ජිමින් පුතා ..

" ආශ්ට් නැන්දා මම එනකන් ලමයා ගාවට වෙලා ඉන්න.. මම ඉක්මනට එනවා ..

කලබලෙන් පාර මාරු වුන ජිමින් ඉක්මනට ටැක්සි එකක් අරන් ගෙදර ගාවට ආවා...මේ නන්නාදුනන මිනිස්සු නිසා එයාට කියලා ඉන්න එකම පැටියවත් එයාට නැති කර ගන්න බෑ .. ජිමින් දැන් ඉන්නෙ තමන් නැති වුනත් දරුවා ජීවත් කරන මට්ටමක .. ඉතින් එවට මේ දේවලුත් හරි බරක්... ඒ වෙද්දිත් කළු පාට ෆෙරාරි රථ දෙකක් පාරේ ගේට් එක අයිනෙ නතර කරලා තිබුනා ..ඉක්මනට ටැක්සි එකට සල්ලි දීලා ජිමින් දුවගෙන ගෙදරට එද්දි වත්ත ඇතුළෙ තමන්ගෙ ළමයත් එක්ක සෙල්ලම් කරන ගමන් ඉන්න ඒ උස මහත සුදු පැහැති තරුණයා ගාවට ජිමින් ඉක්මනට ඇවිදන් ගියා .. එයාට බයයි බයේ තරම කොච්චරද කියනවනම් ජිමින්ගෙ හාට් එක ගැහෙන තරමට දැන් එලියට පයිනවා..

Paris Love Where stories live. Discover now