chapter 27

16 7 0
                                    

ජන්කුක් ,ජිමින් දෙන්නා ටිකක් එහාට ගිහින් බැලුවෙ කෑම්ප් ගහන්න තැනක් .. ඒත් මේ වෙද්දිත් තැනින් තැන කැම්ප් හත අටක් ගහලා තිබුනා ..

" කුකී.. අර ගහ යට හොදයි .. එතනට යමුද ..ආ...
ජිමින් ටිකක් ඈතීන් තිබුන මේපල් ගහක් පෙන්නලා ඇහුවාම ජන්කුක් මොකුත් නොකියා හිනා වෙලා හා කිව්වා ..

ජිමින් ඒ පැත්තට ඇවිදන් යද්දි ජන්කුක් ජේ දිහාට හැරුනා ..

" අපි අර පැත්තට යනවා බං ..

" හරි ..

Time pass

ජන්කුක් ජිමින් දෙන්නම එකතු වෙලා එයාගෙ කුඩාරම ගැහුවා .. පස්සෙ අනිත් අයත් එකතු වෙලා ටිකක් කතා කර කර හිටියෙ හැමෝම වැඩ ඉවර වෙනකම් ..කට්ටිය එන ගමන් හොද හොටෙල් එකකින් දවල්ට කාලා ආව නිසා ඒච්චර බඩගින්නක් තිබ්බෙත් නෑ..

" හැමෝම කුඩාරම් ගහලා ඉවරද ??
ඩිලන් ටිකක් මැද්දට ඇවිත් ඇහුවෙ වටේ ගහපු එයාගලෙ කෑම්ප් දොලහටම ඇහෙන්න ..

" මම හිතන්නෙ ඔව් ..
එරික් බීම එකක් බොන ගමන් කිව්වා ..

" මේ ලගම තියනවා පොඩි දිය ඇල්ලක් අපි අද එතනට යමු .. ගිහින් ටිකක් එන්ජෝයි කරලා නාලා එහෙම ඇවිත් රෑට උයමු ... හාද කට්ටිය ..

ජේ ටිකක් හයියෙන් කතා කරාම හැමෝම හා කිව්වා..

" හරි එන්න එහෙනම් කට්ටිය අපි යමු ..ආ... ඕන කරන දේවල් අරන් එන්න ඔබගේ වටිනා බඩු දමා නොයන්න. .
ජේ ආයේ එහෙම කියපු විදිහට එරික් වගේම ජිමිනුත් පොලව බදන් හිනා වුනා ..

ටික දුරක් ඒ ගල් අල්ලපු පාර දිගේ ඇවිදන් යද්දි වටේම තිබ්බ ගස් නිසා පරිසරය අදුරු වෙන්න පටන් ගත්තා වගේම සීතලත් ටිකක් වැඩි වුනා. 

" ජිමින් ඇයි මේ ...
ජන්කුක් ජිමින්ගෙ අත් තව ටිකක් තද කරලා අල්ල ගන්න ගමන් ඇහුවෙ ජිමින් ටිකක් නොසංසුන්ව හිටිය නිසා..

" ම්. ..ආ.... නෑ ..

" ඔයාට මහන්සිද.... ආ... ඉන්නකො..
ජන්කුක් එහෙම කියලා ජිමින්ට ඉස්සරහින් බිමින් දනක් නවලා ඉද ගත්තා...

" ඇයි කුක් ..

" නගින්න කරට... මම එක්ක යන්නම් .. ඔයාට මහන්සී වගේ...

Paris Love Where stories live. Discover now