chapter 50

25 8 9
                                    

Paris love 🥀🥀
Chapter 50

ගොඩාක් දිග වෙහෙසකර දවසකට පස්සේ ජිමින් හිටියෙ කුස්සියෙ රෑ කෑම හදන ගමන් ..එතකොට පුංචි ජන්මින් නම් තනියම සෙල්ලම් කරනවා ...
හෙලන් නැන්දා දවස් දෙකකට ගමට ගියා ..ඉතින් එයා නැති නිසා ජිමින්ට දැන් කොහෙ ගියත් ලමයව අරන් යන්න වෙලා ..අද කලින්ම ජිමින්ට ගෙදර එන්න වුනෙත් පොඩ්ඩා තනියම ගෙදර තියන්න බැරි නිසා ..

" පපා ... පපා.....පපා ..

" කියන්න ජන්මින් ..මම අහන් ඉන්නෙ පුතේ ..

" පපා.. මටත් හදලා ඕන Tofu soup ...

" ඇයි මැණික හදිස්සෙම Tofu කන්න හිතුනෙ ආ...
ජිමින් පොඩ්ඩා දිහා බලන ගමන් අහද්දි පොඩ්ඩා ඉක්මනට දුවන් ඇවිත් ජිමින්ගෙ කකුලක් බදා ගත්තා...පොඩි එකා හුරතල් ලෝකයක්... සමහර විට හිමියන්ට අදටත් හිතා හදා ගෙන ඉන්න ලොකුම හේතුව මේ පුංචි එකා වෙන්න පුළුවන්...

" ඒවා තමයි අප්පා කන්න ආසම .. ඉතින් මටත් ඒවා ඕන ...

"ආ.....ආ...අ...ප්....පා ... කවුද මැණික ඔයාට කිව්වෙ ඒක ...ආ...

එකපාරම ජන්මින් ඒවා තමා අප්පා කන්න ආසම කියද්දි ජිමින් අතින් අතේ තිබ්බ හැන්ද බිමට වැටුනෙ පොඩි එකාට ඒක කිව්වෙ කවුද කියලා හිතන ගමන් .. එයා ජන්කුක් ගෙ හැඩරුව ගතිගුණ ගැන කියලා ඇති .. ඒත් මේ වගේ දේවල් කවදාවත් කියලා නෑ .. මොකද ඒ පුංචි දේවල්වලට වුනත් ජිමින්ව ගොඩක් රිද්දන නිසා ...

" ඇයි ...හෙලන් අජුම්මා මට කිව්වා ඒම .. ඉස්සර පපාත් ආසයි ලු ඒවට ..

"හම් ...

" ඉතින් මට හදලා දෙනවද පපා...

" දැන් මගෙ ගාව ඒව හදන්න බඩු නෑ පැටියො ..අපි හෙට මාර්කට් එකට ගිහින්..අරන් ඇවිත් දවල්ට හදමු ..හොදද ..

ජිමින් පොඩ්ඩා වඩාගෙන කිචන් කවුන්ටර් එක උඩින් තියලා නහයට තට්ටුවක් දාලා කියද්දි පොඩ්ඩා හයියෙන් හිනා වුනා....
දරුවෙක් වෙනුවෙන් දෙමාපියන්ට මොනවද කරන්න බැරි .. ඒ අතරින් ජිමින්ට එයාගෙ පොඩි එකා වෙනුවෙන් පණ වුනත් දෙන්න පුළුවන්...

" පපා .. මම දෙයක් අහල්නම් ..

" ම් .. මොකක්ද මැණික ..

Paris Love Where stories live. Discover now