chapter 31

21 8 0
                                    

Paris love
Chapter 31

"ජන්කුක් අපිට තව ඉක්මනට යන්න බැරිද ..

" මිනී ඇයි බේබි මේ ඔයා ගොඩක් කලබල වෙලා .. අපි අපේ වාහනේ නෙවේ නේ මැණික යන්නෙ ටැක්සි එකක් අනික මට තේරෙනවා ඔයා කලබල වෙලා ඉන්නෙ කියලා ඒත්  කලබල වෙලා මොකුත් කරන්න බෑ .. පොඩ්ඩක් ඉවසන්න අපි ඉක්මනට එපාර්ට්මන්ට් එක ගාවට යමු ..

" අනේ කුකී මට බයයි.. අනේ මම කොහොමද මේක දරා ගන්නෙ.. අනේ ඉක්මනට යමු කුකී..

මොකක්ද මේ වෙන්නෙ කියලා හිතෙනවා නේද .. මෙන්න මේකයි..
දැන් ටිකකට කලින් ජිමින්ට ආපු දුරකථන ඇමුතුම තමයි මේ හැමදේටම මුල ..

_____________🍁  _____________

පැය බාගයකට පෙර .......

ජිමින් කෝල් එකක් ආව නිසා ජන්කක්ගෙ ඔඩොක්කුවෙ න් නැගිටලා ගිහින් ටිකක් එහාට ගියා ..

" හෙලෝ සීයා පපා ඇයි මෙච්චර රෑ වෙලා ..

" අනේ ජිමින් පුතා බලන්න වුන දේ...මට තේරෙන්නේ නෑ දරුවො මේ ජීවිත වල තේරුම...

" සීයා පපා ඔයා කළබල වෙලා .. හොද හුස්මක් අරන් මට කියන්න මොකද වුනේ කියලා ..

" මේකයි දරුවො .. ඔයා දන්නවනෙ අර ඔයාට යෝජනාවක් ගෙනාපු ජොන් ස්මිත් කියන කොල්ලා ගැන ..

" ඔව් සීය පපා.....

" ඌ මේ දවස් ටිකේ පුදුම කරදරයක් දුන්නෙ .. අපේ රංග ශාලාව ඌට උකස් තියලා ඔයාගේ පපා.. ඒකෙන් එන ආදායමත් හරිම පොඩී කියන්න පුතා දන්නවනෙ... ඒ මනුස්සයා ඒ ආදයමෙනුත් 75% ක් ඉල්ලුවා ..
මේ වැඩ කරන මිනිස්සුන්ට කන්න දෙන්නත් ඒ සම්පූරණ ගාන මදි එකේ කොහොමද පුතා 25% ආදායමකින් ජීවත් වෙන්න.. අඩුම ඊට වඩා හොදයි රංගශාලාව වහලා දානවා ...

" ඒත් සීයා පපා ඒ මිනිහා ඒක පාරම එහෙම කිව්වෙ ඇයි ??

" ඒ මිනිහට අපි කිව්වා මේ විවාහය සිද්ධ වෙන්න නෑ කියලා .. ඒ වගේ මිනිහෙක්ට ඔයාව බිලි දෙන්න තරම් කොන්ද පණ නැති මිනිස්සු නෙවේ පුතා අපි .. අපි කන්න නැතත් ඔයාව ඒ මිනිහට විකුණන්නෙ නෑ ..

" සීයා පපා...

"ඒ මිනිහා ඊට පස්සේ අපෙන් පලි ගන්න වගේ ඔය වැඩ කරන්නෙ ජිමින් .. ඊයේ රෑ ඉදිරිපත් කිරීම් වලින් පස්සෙ ස්මිත් කාරයා ආවා අපේ ගෙදර .. ඒ මනුස්සයා කිව්වා අද ආදායම දැන්ම දෙන්න කියලා ..
ඒ වෙලාවේ  ඔයාගේ පපා වුනත් ටිකක් drinks අරන් හිටියෙ .. ඒ මනුස්සයට මත් වෙන්න ගත්තහම වෙලාවක් නෑනේ. .
සිමිත් කාරයා ඇවිත් බලෙන්ම සල්ලි ගන්න යද්දි ඔයාගේ පපා ඒ මනුස්සයට එතන තිබුන පොල්ලකින් ඔලුවට ගැහුවා ..

Paris Love Where stories live. Discover now