chapter 23

19 11 7
                                    

Paris love 🥀
Chapter 23

" කුක් ප්ලීස් මට දෙයක් කියන්න තියේ...

"ඉතින් මෙහෙම කියන්න ජිමින් ..

" ඔයාට මාව එපා වෙලාද කුක් .. ආ...

" ඔයාට පිස්සුද ජිමින් එහෙම නෑ.. හරි නගින්න අපි පාර්ක් එකට යමු ...

කුක් වගේම ජිමිනුත් පාර්ක් එකට ආවා ..

දෙන්නම බෙන්ච් එකකින් ඉද ගත්තත් තාම කවුරුත් කතා කරේ නෑ...

" ඉතින් මොනවද ඔයාට කියන්න තියෙන්නෙ ..ම් ..

" මම කුක් .. මම කෙනෙක්ට ආදරේ කරනවා ...

" ම් එහෙමද .. කවුද ඒ ..

" මම දන්න කෙනෙක් කුක් ..

" ඕ එහෙමද .. මගෙන් සුභ පැතුම්..

" තෑන්කස් කුක් .. ඒත් මට ප්‍රශ්නයක් තියේ ..

" ඒ මොකක්ද ?

" මම කොහොමද එයාට කැමතී කියන්න...

" ඉතින් හරි අහන්න ඔයාට තියෙන්නෙ ආදරේ කරන කෙනාගේ ලගට ගිහින් එයාගේ ඇස් දිහා බලාගෙන ඔයාගේ හදවතට දැනෙන ඒ ඇත්තම හැගීම ඒ කෙනාට කියන එක ...

" ඒක ලේසී නෑ ..

" කිසිම දෙයක් ලේසී නෑ ජිමින් .. කියන තරම් ලේසි නෑ ඒවා කරද්දි..

" හරි කුක් ඔයාට පුළුවන්ද මට ප්‍රැක්ටිස් වෙන්න පොඩි හෙල්ප් එකක් දෙන්න ..

" ආ...

" එයා තව ටිකකින් මෙතෙන්ට එයි ඔයාට පුළුවන් ද එයා වගේ එන්න එතකොට මට ලේසීනේ ..

" ආ... හරි ඔයා ඔතන ඉන්න මම අතන ඉදන් එන්නම් හරියට කරන්න good luck ඕකේ ...

ජේකේ එහෙම කියලා ඉස්සරහට ගිහින් ආයෙත් ජිමින් ගාවට ඇවිදන් ආවා ....
ජිමින් කුක් ගෙ ඇස් දිහා බලාගෙන කතා කරන්න පටන් ගත්තා..

" කොහොමද .. මම දන්නෑ මේක කොතනින් පටන් ගන්නද කියලා..ඇත්තටම ඔයාව හම්බුන මුල්ම දවසෙ ඉඳන් මට මේ හැගීම දැණුනෙ .. ඒත් ඒක වැරදී ඒක නිසා මම ඒක අමතක කරන්න උත්සහ කරා..ඒත් ඒක ඊට වඩා අමාරුයි... ඇතිවෙන්න හරි නැති වෙන්න හරි..මට ඕන ඔයා ඔයාවම විතරයි ...
Please කුක් .. මට සමාව දෙන්න ඔයාට මෙච්චර කල් මේක නොකිව්වට..

Paris Love Where stories live. Discover now