chapter 41

20 8 4
                                    

Paris love 🥀🥀
Chapter 41

උදේ මම ඇහැරෙද්දි මට මතක් වුනේ මගෙ මිනීව.. වෙනදට මාවත් ඇහැරවලා මගෙ අතට කොෆි එක එයා දෙනවා.. මාස අටක් වුනත් මම ඒකට දැන් පුරුදු වෙලා.. හරියට අවුරුදු ගානක ඉදන් පුරුද්දක් වගේ ..
එයා ඉක්මනට එයි මම එහෙම හිතලා වොෂ් එකක් දාගෙන ඇවිත් breakfast එකත් හදලා ඉක්මනට ඇදගෙන බෑග් එකට ඕන කරන දේවල් දාගන්න ගමන් හිටියෙ ..එතකොට මට කෝල් එකක් ආවා..

" කුක්කා ගුඩ් මොනින්..

" ගුඩ් මොනින් ඩිලන් ..

" ඉක්මනට වරෙන් බං මේ වැඩ ගොඩ ගැහිලා උබේ කතාව එකපාරක් අපි  ප්‍රැක්ටිස් කරමු ..ඉක්මනට වරෙන්කො..මම තියනවා ..

ඩිලන් ගොඩක් හදිස්සියෙන් කතා කරේ ..එහෙම වෙන්න එපෑ .. මේ අපේ graduation ceremony එක  අපි හැමෝගෙම අවුරු හතරක අන්තිම ප්‍රතිපලය අපි යුනි යන අන්තිම දවස.. අදින් පස්සෙ ආයේ අපිට සරල විදිහට ජීවිතේ ගැන හිතන්න අමාරුයි..

මම ඉක්මනට බෑග් එකත් අරන් මිනීට msg එකක් දාලා තව පොඩි නෝට් එකකුත් ලියලා ෆ්‍රිජ් එකේ අලවලා මම ඉක්මනට කා එකේ යුනි එකට ආවා ..

අපි ඇවිත් පැය තුනක් විතර ගියේ ඒ මේ වැඩ වලට හැම තැනටම දුවද්දි .. කිසිම අඩුවක් උත්සවේ නොතියන්න අපි හැමෝම ගොඩක් මහන්සි වෙලා වැඩ කරා..
අන්තිමට උදේ 10:30 වෙද්දි උත්සවේ පටන් ගත්තා..
කීර්තිමත් මහාචාර්යවරුන් වරියන් , ව්‍යාපාර ලෝකේ ගොඩක් ලොකු තැන්වල ඉන්න බිස්නස්මන්ලා , නගරාධිපති තුමා වගේම ආරාදිත අමුත්තො කීප දෙනෙක් ම ආරාධනාව පිළිගෙන ඇවිත් හිටියා ..
ශිෂ්‍ය ශිෂ්‍යාවන් වගේම දෙමාපියන් ගෙන් මුළු හෝල් එකම පිරිලා තිබ්බා ..

මමත් මගෙ යාළුවො අතරෙ ඉදන් හිටියා ..අපි අවුරුදු 4 ක් එකට හිටියා අද අන්තිම දවස නේද ..මම එහෙම හිතලා එහා පැත්ත හැරිලා බැලුවා පපුව පිච්චෙන්න වගේ ආවේ දෙවියනේ ජේගේ පුටුව .. ඒක හිස් ... මට මතක් වුනේ ආපු පලවෙනි දවසෙ ඉදන්ම මාත් එක්ක ඌ හිටිය විදිහ ඇස් වලට කදුලු ආවත් හිත ශක්තිමත් කරන් මම ඉස්සරහ බලන් හිටිය ..

පිලිගැනිමේ කතාව ආරාධිත අමුත්තන්ගෙ කතා ,ප්‍රදාන  මහාචාර වරයගේ කතාවෙන් පස්සෙ තිබුණ පොඩි පොඩි කතා වලින් පස්සෙ තිබුනෙ මගෙ කතාව ..ඇත්තටම ටිකක් බය හිතුනා ..
ඇවිත් හිටිය ආරාධිත අමුත්තගෙන් වගේම හිටිය අනෙකුත් පිරිසගෙන් අවසර අරන් මම කතාව පටන් ගත්තා..

Paris Love Where stories live. Discover now