chapter 15

19 13 0
                                    

" කුක් ...

" ම් .. කෝ එන්නකො .. අපි මොනවා හරි කාලා අනිත් බස් එකට නගිමු ...

" හම් ..

නිදිමතේ හිටපු ජිමින්වත් එක්කගෙන ජන්කුක් ආවේ  ඒ ටවුන් එකේ තිබුන ලොකු යි කියලා හිතන්න පුළුවන් කැෆේ ෂොප් එකට ...

" ඉදගන්නකො මම අරන් එනකම් ..

ජිමින්ව එතන හිස් වෙලා තිබුන මේසයක් ගාවට එක්ක ගිය කුක් ජිමින්ට එතනින් ඉද ගන්න කියලා කැෆේ කවුන්ටර් එක ගාවට ගියා

" Peach ice tea 2, chocolate bun 2 ..

ටිකකින් ජිමින් හිටිය මේසේ ගාවට කෑමයි බීමයි අරන් ආව කුක් ජිමින්ට ඉස්සරහ පුටුවෙන් ඉද ගත්තා...

" කන්න ...

" කුක් ..

" ම් ...

" තව කොච්චර වෙලා යයිද ...මට නම් දැන් ඇති වගේ ..

" තව පැයක් වත් යයි ජිමින් ...

" ඕ එහෙමද ? ... මොනවා කරන්නද...
තොලුත් නොපිට පෙරලන් ජිමින් කියද්දි ජන්කුක් ජිමින්ගෙ ගාවට බීම එක ලං කරා ..

" ඉක්මනට කන්නකො ... එතකොට අපිට ඊළග බස් එකේ යන්න පුළුවන් ...

" හම් ... දැන් වෙලාව කීයද?

" 11: 25 ...

" දෙයියනේ ... අපි 8 බස් එකට නැග්ගෙ ... ඔම්මා ... කුක් අපි ඒ ගමට යද්දිම 12 ත් පහු වෙයි ...

" ඒකනේ .. ඔයා තාම බබෙක් වගේ කන්නෙ නැතුව කියවන්න ගත්තහම කොහොමත් වෙලා යනවා ...

" හරි හරි කුක් ...

කාලා ඉවර වුනාට පස්සේ ඇලෙන්ඩා ගමට යන බස් එකට ටිකට් ජන්කුක් අරන් ආවට පස්සේ දෙන්නම බස් එකට නැග්ගා ...
ජිමින් ඉතින් ආයෙත් සුපුරුදු රාජකාරි... ආයේ නිදි...

ජන්කුක්ටත් නින්ද ගියේ ඒ බස් එක ඒ තරම් වේගෙන් යන නිසා ...

" කුක් ... කුක් ...අර බලන්නකො ...

ඒක පාරම ජන්කුක් ගැස්සිලා ඇහැරුනෙ ජිමින්ගෙ කෑ ගැහිල්ලට ...

" ඇයි මොකක්ද ?

" බලන්නකො ඒ මල් ... නිකන් මල් කන්තාරයක් වගේ ... අනේ ශෝක් නේ ...

ජිමින් ජනේලෙත් බදාන කියවද්දි බස් එකේ හිටිය අනිත් මිනිස්සු බැලුවෙ මොකද ඒ කියල ...ඒත් ජන්කුක් ඉක්මනට අනිත් පැත්ත හැරිලා ඒ හැමෝටම ඔලුව නවලා ආචාර කරලා සමාව ඉල්ලුවා ...
ඒත් ජිමින් තාම හිටියෙ මේ ලෝකේ නෙවේ ...

Paris Love Where stories live. Discover now