chapter 22

16 11 3
                                    

Paris love 🥀🥀
Chapter 22

උදේ ඇහැරෙද්දි ජන්කුක්ට තමන්ගෙ පපුව උඩ මොනවා හරි දෙයක් තියනවා වගේ දැනුනත් කුක් ඒක එච්චර ගනන් ගත්තෙ නෑ මොකද ජුන් ගෙ පුසා ඇනබෙල් කොහොමත් පුරුදු වෙලා හිටියෙ කාගේ හරි ඇගක් උඩට නැගලා නිදා ගන්න... ඊයේ තිබුන ඔලුවෙ අමාරුව ඒච්චර අඩු නැතත් කුක් ඩූවට් එක අයින් කරේ වොෂ් එකක් දාගෙන බෙහෙත් ගන්න යන්න ...

ඒත් ඩූවට් දෙකක්ම තිබුන නිසා කුක් දෙකම එකපාර අයින් කරා ...

කුක් දැක්කෙ තමන්ගෙ පපුව උඩ ගුලිවෙලා නිදන් ඉන්නෙ කකුල් හතරක පූසෙක් නෙවේ කකුල් දෙකක පූසෙක් ...

" ජිමින් ...
ජන්කුක් ටිකක් සද්දෙන් කිව්වහම ජිමින් ඉක්මනට ඇස් ඇරියා... ඉක්මනට කුක් ගාවින් නැගිට්ට ජිමින් ඇදෙනුත් නැගිට්ටෙ බය වෙලා ..

" මට ...මට ...මට සමා වෙන්න කුක්... මම ඔයාට උණ නිසයි  ඊයේ ... ඊයේ මෙහෙ ආවේ ... ඒත් ඔයාට ...ඔයාට උණ... වැඩී ...

ජිමින් ගොත ගහනවා වගේම දැනටමත් ජිමින්ගෙ ඇස් වල කදුළු පිරිලා ..
හේතුවු මොකක්ද දන්නෙ ජිමින්ම තමයි ...

ජන්කුක් ජිමින්ගෙ වෙනස් වෙන මූණ දිහා ගොත ගැහෙන වචන දිහා බලාගෙන හිටියා..අහගෙන හිටියා ...
ඒක පාරම ජිමින්ගෙ අතින් ඇදලා තමන් ගාවට ගත්තා.. ජිමින් නැවතුනෙ කුක් ගෙ ඔඩොක්කුවෙ...

" කුකී...
ජිමින්ගෙ කටින් ඒ වචනෙ පිටවුනේ බයටද පුදුමෙටද ...

ජන්කුක් ජිමින්ගෙ මූණ ඉස්සරහට වැටිලා තිබුන කෙස් ටිකක් කන පිටිපස්සේ රදවන ගමන් ඒ තොල් වලට පාත් වුනා ...

බය වෙලා ලොකු වෙලා තියන ඇස් බෝල එක්ක එක දිගට ඇසිපිය ගහන ජිමින් දිහා ජන්කුක් බලා ඉන්න ගමන් ඒ තොල් පෙති උඩින් තමන්ගෙ තොල් තිබ්බෙ
ජිමින් හිමීට සන්සුන් වෙලා ඇස් පියා ගනිද්දි ...
විනාඩියක් දෙකක් ඒ තොල් පෙති උඩින් තමන්ගෙ තොල් තියාගෙන හිටිය කුක් කිසිම වෙලාවක ඒ තොල් තමන්ගෙ තොල් වලින් අල්ලගෙන  සිප ගන්න පටන් ගත්තෙ නෑ ..

ටිකක් වෙලා යද්දි ජිමින් සන්සුන් වුනා .. ඒ තොල් වලින් අයින් වන කුක් බැලුවෙ ජිමින්ගෙ මූණ දිහා ..
ජිමින් රතු වෙලා ඒ ඇස් අග කදුළු බෝල දෙකක් පිරිලා ..

Paris Love Where stories live. Discover now