chapter 33

19 8 0
                                    

Paris love
Chapter 33

" මටත් ඔයා එක්ක එන්න තිබ්බ නම් ..

" අනේ කුකී.. ඒකට කමක් නෑ.. හොදද මම පොරොන්දු වෙනවා පරිස්සමින් ගිහින් එන්න..

" පරිස්සමින් මැණික .. ඔයාට මොනවා හරි වුනොත් මට ඒක දරා ගන්න බෑ..
ජන්කුක් එහෙම කියලා ජිමින්ගෙ නලලින් හාදුවක් තිබ්බා ..

____________________________________

" දැන් ඔයා යන්න ඕන බේබි .. අමතක කරන්න එපා වෙලාවට කෑම ගන්න හොදද වැඩිය කලබල වෙන්න එපා.. මට විශ්වාසයි ආන්ටිට ඒච්චර අමාරු නැතුව ඇති .. ම් ..
පරිස්සමින් ගිහින් එන්න මගෙ රෝස මල..
මට ඔයාව යවන්න බෑ ඒත් ඔයාව තියා ගන්නත් බෑ .. එන්න තිබ්බ නම් කියලා හිතෙනවා ජිමින් ..

" ඔහොම කියන්න එපා අනේ .. බලන්න ඔයා හදනනෙ දැන් මෝචිව අඩවන්න හොදේ..
ඔයා ඕම කියද්දි මට යන්න පුළුවන්ද ? ආ... මම සතියකින් එන්නම් .. පොමිස් ...

" හම් .. හරි දැන් යන්න ..

ජන්කුක් ජිමින්ව තමන්ගෙ පපුවෙන් ඈත් කරලා ඒ අවුල් වුන කොන්ඩෙ ටිකක් හදලා සයිට් බෑග් එක ජිමින්ට දැම්මා ..

" පරිස්සමින් මෝචි...

ජිමින් ජන්කුක් දිහා බලලා හිනා වෙලා ජන්කුක්ගෙ කම්මුලින් කිස් එකක් තියලා ඉස්සරහට ඇවිදන් ගිහින් ආයෙත් හැරුනා ...

ජන්කුක් ටිකක් ඉස්සරහට ගියේ ඇයි ජිමින් ආයේ එන්නෙ බලන්න ..

" ඇයි මැණික මොනවා හරි අමතක වුනාද ..

" හම් ඔව් ..
ජිමින් තොලුත් නොපිට පෙරලන් කිව්වා ..

" ආ... මම හැමදේම බැලුවා මොකුත් මග ඇරුන දෙයක් මට නම් මතක නෑ..

" කෝ මගෙ කිස් එක ආ...

" මෝචි......
ජන්කුක්ට නිකන්ම හිනා ගියේ අත් දෙකත් ඉනෙන් තියාගෙන ජිමින් තරහින් වගේ ඒක කියපු විදිහට ..

" සමා වෙන්න මැණික .. ඒත් මෙතනදි කමක් නැද්ද...

" ඔයාම නේ කියන්නෙ .. මම ඔයාගේ ... ඔයා මගෙ ඉතින් අනිත් අය මොනවා කිව්වත් මොකද ........

ජිමින්ට ඉතුරු ටික කියන්න බැරි වුනේ ජන්කුක් ඒ පිරුනු තොල් තමන්ගෙ තොල් වලින් අල්ල ගත්ත නිසා .. මුලින්ම නැතත් පස්සෙ ජිමින් කිස් එකට රියැක්ට් කරා .. විනාඩි දෙකකට විතර පස්සෙ ජන්කුක් කිස් එක break කරේ ජිමින් දැන් යන්න ඕන නිසා ..

Paris Love Where stories live. Discover now